Connect with us

පුවත්

ඇමති නලින්දගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

Published

on

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසමට කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (29) කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු අසත්‍ය බව පවසමින් ඒ මහතාගේ කාර්යාලය විසින් නිවේදනය නිකුත් කර තිබේ.

එම මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා කියා සිටියේ “රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසමට කැඳවීමෙන් පසුව අප්‍රේල් 11 දා ඔහු තමන්ගේ සමාජ මාධ්‍ය වල 11 වැනිදා එන්න විදියක් නැ” යනුවෙන් බව එම නිවේදනයේ සඳහන් වේ.

11 වනදා එන්න විදියක් නැති බවත් 17 වනදා කොමිසමට එන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළැයි නලින්ද ජයතිස්ස මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කර තිබූ බවද පවසයි.

කෙසේවෙතත් අප්‍රේල් 12 වනදා මඩකලපුවේ පැවති රැස්වීමකදී ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා” ලියුමක් දුටු බව සඳහන් කර කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා 17 එන්න විදිහක් නැ අවුරුදු කනවලු” සඳහන් කරමින් බව ද එම නිවේදනයේ සඳහන් වේ.

නමුත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිම අවස්ථාවක අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිසම වෙත ලිපියක් මගින් දැනුම් දීමක් කර නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය පවසයි.

කොමිසම වෙත පැමිණිමේ දිනය කල් දමන ලෙස ඉල්ලා ලිපියක් යොමු කළේ ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙර්රා මහතා විසින් බවත් ඒ මහාතා එහිදි ඉල්ලා සිටියේ අප්‍රෙල් 17 වන දා දිනය වෙනුවට අප්‍රෙල් 28 වනදා යින් පසු දිනයක ලබා දෙන ලෙස බව පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රකාශයෙන් අනතුරුව අප්‍රෙල් 11 වනදා ලිපිය ට අනුව සාක්කි දිමට පැමිණන ලෙස සඳහන් කලත් අප්‍රේල් 21 වනදා අල්ලස් කොමිසම මගින් හිටපු ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය මගින් 2023 අංක 09 දරණ දුෂණ විරෝධී පනතේ ප්‍රකාරව චෝදනාවක් ද එල්ල කර තිබු බව සඳහන් වේ.

ඉන් පසුව අප්‍රේල් 25 වැනිදා අල්ලස් කොමිසමෙන් එවා තිබූ ලිපියේ තවදුරටත් සදහන් කර තිබුණේ හිටපු ජනාධිපතිවරයා අනවශ්‍ය ලෙස මැදිහත් වීමක් කර ඇති බවයි.

මීට අමතරව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අප්‍රේල් 11 වනදා ලිපිය යොමු කර තිබුණේ අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා වන අතර ඉන් පසුව ලැබුණු ලිපි දෙකම යොමු කර තිබුනේ කොමිසමේ අධ්‍යාකෂ ජනරාල් අර්.එස්.ඒ . දිසානායක මහතා වීම ද විශේෂත්වයක් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved