එළැඹෙන උත්සව සමයේ අවශ්‍ය සහල් සැපයීම සඳහා සහල් තොගයක් ආනයනය කිරීමට වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
මෙසේ රටින් සහල් ගෙන්වන්නේ මහා පරිමාණ මෝල් හිමියන් විසින් වෙළෙඳ පොළට කීරි සම්බා සහල් නිකුත් නොකර සඟවා තබාගැනීම හේතුවෙන් වෙළෙඳ පොළ තුළ මේ වනවිට කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී ඇති බැවින් යැයි වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියයි.
අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේ දීය.
කෙසේවුවද, ඇමති නලින් මෙසේ ගෙන්වීමට උත්සාහ ගනිමින් සිටින්නේ කීරි සම්බා නොවන බවත්, කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් වර්ගයක් බවත් වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේ අතර, සහල් තොග වෙළඳුන් කියා සිටින්නේ පාරිභෝගික අධිකාරිය අයත්ව ඇත්තේ ද නලින් ප්‍රනාන්දු මහතා අමාත්‍ය ධූරය දරනු ලබන වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු අමාත්‍යංශයට බවත්, මහ මොල් හිමියන් කීරි සම්බා සහ සම්බා සහල් සඟවා ඇත්න්ම් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් යොදවා ඒවා වැටලීමට හැකියාව තිබියදී මෙසේ රටින් සහල් ගෙන්වීම සැක සහිත කරුණක් බවයි.
මේ සම්බන්ධයෙන් අප ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ ඇමති නලින් මේ සැරසෙන්නේ “නත්තල් කෑමට” බවයි.
තවත් තොරතුරු ඉදිරියේදී ජනතාවට හෙළිකරන බවද ඔහු කීය.
සබැඳි පුවත්
නලින් ඉන්දියාවෙන් මාසෙකට ඩොලර් ලක්ෂ 18ක බිත්තර ගේන්න යයි!
ඇමති නලින් බිත්තර ගෙනාවේ කොමිස් ගන්නයි චෝදනාවක්
ඉන්දියාවෙන් බිත්තර පටවගෙන එන්න ඇමති නලින් ගෝලයෙක් යවයි!
නලින්ගේ බිත්තර එන්නේ කුරුළු උණ වැඩියෙන්ම ඇති තමිල්නාඩුවෙන්!
නලින් බිත්තර ටෙන්ඩරය ඉන්දියාවට දෙයි!