Connect with us

පුවත්

ඇමැති බිමල් ඇතුළු පිරිසකට මහාධිකරණයෙන් නොතීසි!

Published

on

ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු පිරිසකට ලබන පෙබරවාරි 19 වැනිදා අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලින්ද හේවාවසම් මහතා නියෝග කර තිබේ.

ඒ, ඉන්දීය ණය ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර අතර කොටස නවීකරණය කිරීමේදී ආබාධිත පුද්ගලයන් නොසලකා හැර, එම දුම්රිය මාර්ගය නිසි ප්‍රමිතියකින් තොරව, ඉදිකර ඇති බවට චෝදනා කරමින් ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බලමිණි.

මහාධිකරණ විනිසුරුවරයා මෙසේ නියෝග කළේ තලාව, පහළගම ලිපිනයේ පදිංචි ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සභාපති එම්. ඩී. කමලාවතී, නීතිඥ අමන්දා කල්පශාකාගේ උපදෙස් පරිදි, නීතිඥ ධනුක කුමාරවඩු සහ නීතීඥ ඉසුරු මහේෂ් පණ්ඩිත යන මහත්වරුන් මගින් අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කළ රීට් පෙත්සමක් සලකා බලමිනි.

මෙම නඩුවේ අනිකුත් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ප්‍රවාහන, මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා, අධිකාරීවරයා ඉංජිනේරු අධිකාරී (උතුර, අනුරාධපුර) සහ නීතිපතිවරයායි.

මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේදී වග උත්තර කරුවන් ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත මුළුමනින්ම උල්ලංඝනය කර ඇති බවටද චෝදනා කළ පෙත්සම්කාරියගේ නීතිඥවරුන්, මේ තුලින් වග උත්තරකරුවන් ආබාධ සහිත තැනැත්තන් නොසලකා හැර ඇති බවද කීවේය.

ප්‍රශ්නගත දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේදී වග උත්තරකරුවන් සිය නිල තනතුරට අදාළ රාජකාරී පැහැර හැර ඇති බවටද චෝදනා කළ පෙත්ස්ම්කාරියගේ නීතිඥවරුන්, දුම්රිය මාර්ගයක් අළුත් වැඩියා කිරීමේදී ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට රාජ්‍ය නිලධාරින් නිල බලයෙන් බැඳී සිටින බවද අවධාරණය කළේය.

පෙත්සම්කාරියගේ නීතිඥවරුන් දැක්වූ කරුණු කෙරෙහි සිය අවධානය යොමු කළ අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලින්ද හේවාවසම් විමසා සිටියේ, මධ්‍යම ආණ්ඩුවට අයත් විෂයක් සම්බන්ධයෙන්, මධ්‍යම ආණ්ඩුවේ අමාත්‍යවරයකුට හා බලධාරීන්ට නොතීසි නිකුත් කිරීමට සහ මධ්‍යම ආණ්ඩුවට අයත් විෂයක් සම්බන්ධයෙන් රීට් ආඥා නිකුත් කිරීමට පළාත් බද මහාධිකරණයට බලයක් තිබේද යන්නයි?

ඊට ප්‍රතිචාර දක්වමින් පෙත්සම්කාරියගේ නීතිඥවරුන් මහධිකරණය පවසා සිටියේ, 1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 24 (1) සහ 24 (3) වගන්ති ප්‍රකාරව, ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වූ අවස්ථාවකදී ඊට අදාළව අධිකරණ බලය සහ සාධාරණ සහ යුක්ති සහගත ප්‍රතිකර්ම සහ සහන ලබාදීමට පළාත් බද මහාධිකරණයකට බලය පවතින බවය.

පෙත්සම්කාරිය ස්වකීය පෙත්සම මගින් ඉල්ලා ඇති රීට් ආඥාව නිකුත් කිරීම සම්බන්ධයෙන්ද පෙබරවාරි මස 19 වැනිදා සලකා බැලීමට නියමිතය.

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved