Connect with us

පුවත්

ඇමැති සුනිල් සෙනෙවිගෙන් පොලිස් පරිගණක විමර්ශනයට පැමිණිල්ලක්

Published

on

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් සිදුකර තිබේ.

ඔහුගේ නම සම්බන්ධ කරමින් සමාජ මාධ්‍යයේ සංසරණයවන අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් තමන් මෙම පැමිණිල්ල සිදුකළ බවයි අමාත්‍යවරයා පවසයි.

බුද්ධ ශාසන අමාත්‍යවරයාගේ ගජ මිතුරකු සිංහරාජ පිවිසුමේ හොර පතලක් දාලා මැයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍යයක් බවත් එම අසත්‍ය ප්‍රවෘත්තිය පළ කළ සමාජ මාධ්‍යවලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් පරිගණක විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

” මේ කියන විදිහේ ව්‍යාපාරික මිතුරෙක් මට නැහැ. සුනන්ද දීපාල් කියලා හඳුන්වාදී ඇති පුද්ගලයා මා දුරට දැකලා තියෙන්නේ එකම එක දවසක් පමණයි. ඔහු සමඟ වචනයක් හෝ කතා කර තිබේ නම් මේ ප්‍රවෘත්තියෙන් පස්සේ මම ඔහුගේ දුරකථන අංකය සොයාගෙන කරපු කරුණු පැහැදිලි කිරීමක් සම්බන්ධයෙන් විතරයි.

ඔහු මගේ ව්‍යාපාරික මිතුරෙක් හෝ වෙනත් මිතුරෙක් නොවන බව කිව යුතුයි. මේ අසත්‍ය චෝදනාව පදනම් කරගෙන සමාජ මාධ්‍යවල ඉතා දරුණු විදිහට තීව්‍ර විදියට පෝස්ටු හැදෙනවා. මම මේ ගැන අනාවරණය කළ යුතුයි. පෞද්ගලිකව මටත් අපේ රජයේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිවලටත් බරපතළ හානියක් අපකීර්තියක් සිදුවෙලා තිබෙනවා. ඒ නිසා මා විසින් පොලිස් පරිගණක විමර්ශන අංශය සමාජ මාධ්‍ය ඒකකයේ පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.

නිශ්චිත විදියට මේ තොරතුරු පළ කරපු, මේ අපකීර්තිය වගා කරලා පහත් භාෂාවෙන් සිරස්තල හදලා වර්ධනය කරපු සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලා හිටියා. ඉතා පැහැදිලිව මේ පිළිබඳ සාධාරණ සොයා බැලීමක් කරලා, නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරලා මේ අසත්‍යය අභූත චෝදනාව නැගූ සියලු දෙනාට නීතියෙන් පිළිතුරු ලබාදෙනු ඇතැයි කියලා මම විශ්වාස කරනවා. අපේ රටේ සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය අධිකරණයක් බවට පත්වෙලා.

සමාජ මාධ්‍යයේ නිරත වෙලා ඉන්න ආදරණීය සියලු මිතුරු මිතුරියන් මාධ්‍යවේදීන්ගෙන් මම ඉල්ලීම කරනවා. ඔබ යම් පුද්ගලයෙක් පිළිබඳ ආයතනයක් පිළිබඳ යම් තොරතුරක් හෙළි කරනවා නම් ඒ තොරතුරේ සත්‍යය සොයා ගත යුතුයි.

ඔබ පළ කරන ප්‍රවෘත්තිය මතුපිටින් බැලුවත් විමර්ශනය කරලා බැලුවත් දුෂ්ට චේතනාවක් අශිෂ්ට බලාපොරොත්තුවක් තිබේ නම් එය බරපතළ වරදක් හැටියට ඔබ තේරුම් ගත යුතුයි. සමාජ මාධ්‍යයෙන් තොරතුරු දැන ගැනීමේ නිදහස අගය කරනවා.

ඒ වුණාට වටහාගන්නට ඕනේ මොහොතින් මොහොත එය වර්ධනය කරලා යන පිළිවෙළ අනුව පුද්ගලයන්ට සහ ආයතනවලට නැවත පෙරලා සකස් කරගත නොහැකි මට්ටමේ අපරාධයක් සිද්ධ වෙන බව. මේ රටේ අමාත්‍යවරයෙක් හැටියටත් පුරවැසියෙක් හැටියටත් එබඳු අශිෂ්ට මාධ්‍යකරණයක නිරත වෙන්න එපා කියලා කරුණාකරලා ඉල්ලා සිටිනවා.” 

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved