Connect with us

පුවත්

ඇමෙරිකානු තානාපති කාර්යාලය ඇමරිකාවේ 248 වැනි සංවත්සරය ඉහලින් සමරයි

Published

on

කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඊයේ (28) ඇමෙරිකා එක්සත් ජනපදයේ නිදහසේ 248 වැනි සංවත්සරය ගාලු මුවදොර හෝටලයේ දී උත්සවාකාරයෙන් සමරනු ලැබීය.

එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය සැමරීම සිදු කෙරුණි.

මෙම වසරේ ඇමරිකානු නිදහස් දින සැමරුම හරහා ප්‍රජාතන්ත්‍රවාදයේ චිරස්ථායි ගුණය සහ එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතර ඇති ශක්තිමත් හවුල්කාරිත්වය පිළබඳව ඇය එහිදී පෙන්වා දෙනු ලැබීය.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජනපද තානාපතිනිය මෙසේද පැවසුවාය.

 “අද රාත්‍රියේ දී අපි එක්සත් ජනපදයේ ස්වාධීනත්වය සහ අපගේ ප්‍රජාතන්ත්‍රවාදයේ උපත සමරනු පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශ සඳහා දිගින් දිගටම පවතින අරගලය සහ ස්ථීර කැපවීම ආවර්ජනය කරනවා… 

වසර 248කට පෙර, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඇමරිකාව නිරත වූ ඒ අත්හදා බැලිමේ දී ස්ථිරවම කිව හැකි දෙයක් තිබුණේ නැහැ.
‘සියලුම මිනිසුන් එක හා සමානව නිර්මාණය කර ඇති බවත්, ඔවුන්ට ඔවුන්ගේ නිර්මාතෘ විසින් අත්හළ නොහැකි අයිතිවාසිකම් ලබා දී ඇති බවත්, ජීවිතය, නිදහස සහ සන්තෝෂය ලුහුබැඳීම ඒ අතරට ඇතුලත් වන බවත්, මෙම අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා මිනිසුන් අතර ඔවුන්ගේ සාධාරණ බලතල ලබාගෙන ආණ්ඩු පිහිටුවා ඇති බවත්’ සඳහන් කරමින් අපේ මූලධර්ම, අපේක්ෂා සහ දැක්ම නිර්භයව ප්‍රකාශ කරමින් අපේ නිදහස ප්‍රකාශයට පත් කළා. 

නමුත් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය මෙම ප්‍රකාශයෙන් ආරම්භ වී එයින්ම අවසන් වූයේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථිතික නොවේ, එය මූලික මූලධර්ම සඳහා වූ කැපවීම් අඛණ්ඩව අලුත් කිරීමක් වනවා.

අද අපි මේ සමරන්නේ ජාතියක ආරම්භය පමණක් නොවේ, අපේ රටත්, එ.ජ.-ශ්‍රී ලංකා හවුල්කාරීත්වයත් අර්ථ දක්වන එකමුතුකමේ සහ නිදහසේ චිරස්ථායී ගුණය අපි සමරනවා.
” දශක හතක් ඉක්මවන කාලයක් පුරා දිවෙන ද්විපාර්ශ්වික සබඳතා සහ ඊටත් වඩා ඈතට දිවෙන පුද්ගලයන් අතර ඇති සබඳතා සමඟ, එක්සත් ජනපද – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය රාජ්‍ය තාන්ත්‍රික, වාණිජ, සංස්කෘතික සහ තවත් බොහෝ අංශවල දෙරටටම පොදු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ ලැදියාවන් ප්‍රවර්ධනය කරමින් ශක්තිමත් වෙමින් පවතී.

 2024 නිදහස් දින සැමරුම මගින් කලාපීය සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම, බලශක්ති සුරක්ෂිතතාව ප්‍රවර්ධනය කිරීම, ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන පුළුල් කිරීම, ජනතාව අතර සම්බන්ධතා ගොඩනැගීම සහ අධ්‍යාපනික සහ ඉංග්‍රීසි භාෂා අවස්ථා පුළුල් කිරීම, සහ ජාත්‍යන්තර තර්ජන මැඩලීමට කටයුතු කිරීම වැනි ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වය සඳහා තානාපති කාර්යාලයේ කැපවීම අවධාරනය කරයි. 

අනාගතයේ දී වඩාත් ශක්තිමත් එ.ජ.-ශ්‍රී ලංකා සම්බන්ධතාවයක් සඳහා ඇති දැක්ම පිළිබිඹු කරමින් සියළු අංශවල සහයෝගීතාවය වඩාත් ගැඹුරු ලෙස වර්ධනය කරන්නට දෙරටම කැපවී සිටිති.”

එම උත්සවයේ ප්‍රධාන අමුත්තා වූ සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාවේ කීර්තිමත් නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ව්‍යාපාරික, සිවිල් සමාජ සහ මාධ්‍ය ප්‍රජාවන්ගෙන් හවුල්කරුවන් එම අවස්ථාවට සහභාගී වී තිබෙනවා 

පුවත්

හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

Published

on

By

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වූ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙක් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක් යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ ටොයොටා වර්ගයේ ජීප් රථයකට අදාළ අංක තහඩුව නිකුත් කිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධව ඔහු සහ ඊට අදාළව අනීතිකව දත්ත ඇතුළත් කිරීමට අවස්ථාව සලසාදීම සහ අදාළ දත්ත ඇතුළත් කිරීම සම්බන්ධව එම දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ, තොරතුරු තාක්ෂණ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම සහ ලිපිකරුවෙකු වූ ධම්මික නිරෝශන් නැමැති තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

අද (01) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

අද සිට ක්‍රියාත්මක “රැකියා සඳහා විදේශ ගතවීමේදී බලපාන නීතිය”

Published

on

By

ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා විදේශ ගතවීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාළ රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මඟින් සහතික කිරීම අද සිට (01) ක්‍රියාත්මක කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, පසුගිය ජූනි මස 07 සිට මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණද, එය අද දක්වා කල් තැබුණු බවය.

නව සංශෝධනයට අනුව සෞදි අරාබිය, කුවේටය, බහරේනය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන්, ඊශ්‍රායලය, ජෝර්දානය, ලෙබනනය, මාලදිවයින, මැලේසියාව, සිංගප්පූරුව හා දකුණු කොරියාව යන රටවල් 13 වෙත කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් යොමුවීමේදී කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම සඳහා තම සේවා ගිවිසුම එම රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල පිහිටි කම්කරු හා සුභසාධන අංශ මඟින් සහතික කරගත යුතු අතර, ඒ සඳහා ගාස්තුව වශයෙන් අමෙරිකානු ඩොලර් 60ක මුදලක් ගෙවිය යුතු වේ.

වෘත්තීය කාණ්ඩයේ රැකියා සඳහා නව සේවා ගිවිසුමක් සහිතව ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන වෘත්තිකයින් හට, කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමේදී ඔවුන්ගේ වෘත්තියභාවය සඳහන් විදේශ ගමන් බලපත්‍රය හෝ අදාළ රැකියාවේ වෘත්තීයභාවය සනාථ කළ හැකි ලියවිලි ඉදිරිපත් කිරීමට හැකි නම්, රැකියා ගිවිසුම ශ්‍රි ලංකා දූත මණ්ඩල කාර්යාලය මඟින් සහතික කරගැනීම අවශ්‍ය නොවේ.

පසුගිය සමයේ මිනිස් ජාවාරම් හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ රටවලදී විවිධ අපහසුතාවයන්ට ලක්වූ අතර, එම ගැටලුවලට පිළියමක් ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සුරක්ෂිතව විදේශ රැකියා සඳහා යොමුකිරීම අරමුණු කරගනිමින් මෙම තීරණයට කාර්යාංශය එළැඹී තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

Published

on

By

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි  චෝදනා ලබා සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඔහුට දඬවම් නියම කිරීම මේ මස 24 වනදා සිදු කරන බවත් අධිකරණය නිවේදනය කළේය. 

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved