Connect with us

පුවත්

ඇඹිලිපිටිය රෝහලේ නිර්වින්දන වෛද්‍යවරිය කෝ?

Published

on

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට සිටි එකම නිර්වින්දන වෛද්‍යවරිය පසුගිය (01) දා සිට සේවයට වාර්තා නොකිරීම නිසා එම රෝහලේ කටයුතු අඩපණ වී ඇති බව රෝහල් බලධාරීහු පවසති.

මේ හේතුවෙන් ප්‍රධාන ශල්‍යාගාර දෙකක සහ දැඩි සත්කාර ඒකකයක කටයුතු සම්පුර්ණයෙන් ම ඇණහිට ඇති බව ද ඔවුන් ප්‍රකාශ කරති.

මෙම වෛද්‍යවරියගේ පියා යැයි පවසන, යු.ටී. නානායක්කාර නැමැති පුද්ගලයකු විසින් ඇය නැවත සේවයට නොපැමිණෙන බව දන්වා රෝහල් බලධාරීන්ට වට්ස්ඇප් මගින් ලිපියක් එවා ඇතැයි ද රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

ඇඹිලිපිටිය දිසා මහ රෝහලට නිර්වින්දන වෛද්‍යවරු දෙදෙනකුගේ සේවය අත්‍යාවශ්‍යව තිබියදීත් හිටපු එකම නිර්වින්දන වෛද්‍යවරිය මෙසේ සේවයට වර්තා නොකිරිම නිසා රෝහල් කටයුතු පවත්වාගෙන යාම දැඩි අසීරු කරුණක් බව රෝහල් බලධාරීහූ කියති.

මීට පෙර මෙම රෝහලේ සිටි නිර්වින්දන වෛද්‍යවරයෙකු 2022.10.01 දින විදේශගතව ඇති අතර අනතුරුව 2023.04.10 දින තවත් නිර්වින්දන වෛද්‍යවරයෙකු විදෙස්ගතව ඇත.

එම වෛද්‍යවරුන් මේ දක්වා යළි මෙරටට පැමිණ නොමැති බව වැඩිදුරටත් වාර්තාවෙයි.

ඇඹිලිපිටිය දිසා මහ රෝහලට දිනකට නේවාසික රෝගීන් දෙසියකට ආසන්න පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් වන බවත් 2022 වසරේදී පමණක් සැත්කම් 9144ක් සිදුකර ඇති බවත් සඳහන් වේ.

මෙම නිර්වින්දන වෛද්‍යවරිය සේවයට නොපැමිණීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇය විදෙස්ගතවී ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නැති බවද රෝහල් බලධාරීහු කියති.

(මූලාශ්‍රය : ලංකාදීප)

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved