Connect with us

පුවත්

ඇවෙන්රා ගාර්ඩන් හෝටලේ පරික්ෂා කළාට PHI ලා පොලිසියට කැඳවලා

Published

on

ඇවෙන්රා ගාර්ඩන් හෝටලයේ කළමනාකරණය විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට එරෙහිව නින්දිත බොරු චෝදනා සහිත කුමන්ත්‍රණයක් සමාජගත කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියයි.

එම හෝටලයේ පරිපාලනය නීතිය හමුවට පැමිණවීමට කටයුතු යොදා ඇත්තේ පිසූ ආහාර සහ නොපිසූ ආහාර එකම ශිතරකණයක ගබඩා කිරීමේ වරද දෙවැනිවරටත් සිදුකිරීම හේතුවෙන් බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි. 

මීට මාස දෙකකට පෙර ද මේ ආකාරයෙන්ම මෙම හෝටලයේ මුළුතැන්ගෙය පරීක්ෂා කළ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටී. 

එහිදී පිසූ ආහාර සහ මස්වැනි නොපිසූ ආහාර එකම අධිශීතකරණයක් තුළ ගබඩා කර තිබී අසුවූ අතර එම අවස්ථාවේ දි නඩු නොදමන ලෙස කළ බලපෑම් හමුවේ අවවාද කර එම ආහාර වර්ග විනාශ කිරීම පමණක් සිදුකළ බවද ඔහු පවසයි.

ඇවෙන්රා ගාර්ඩන්ස්හෝටලය පරීක්ෂා කිරීම සිදුකරනු ලැබුවේ උත්සවය සමය තුළ වඩාත් වැඩිවන අනාරක්ෂිත ආහාර සම්බන්ධව කරන දීප ව්‍යාප්ත වැටලීම් මාලාවක එක් වැටලීමක් ලෙස බවද ඔහු සඳහන් කරයි.

ලංකාවේ සෑම තැනකම සෑම තරු හෝටලක්ම මෙම වැටලීම්වලට යටත් වූ බවත්, එම හෝටල්වලට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කළ අවස්ථාවලදී අදාල හෝටල් කළමනාකාරිත්වය නීතියට හිස නැමූ බවත් පවසන සභාපතිවරයා ඇවෙන්රා ගාර්ඩන් හෝටලයේ කළමනාකරණය නඩු නොදමන ලෙස බල කරමින්, වැටලීම් සිදුකළ නිලධාරීන්ට අභූත චෝදනා එල්ල කර පොලිසියට පැමිණිලි කරමින්දේ ශපාලන බලයක් ද සහිතව මේ හැසිරෙන ආකාරය අතිශයින්ම පිළිකුල් සහගත බව ද ඔහු කියා සිටී.

හෝටල් පරිපාලනයට දන්වා විනාඩි 45ක් පමණ සිටියත් කිසිවෙක් එම ලේඛණවලට අත්සන් තැබීමට ඉදිරිපත් නොවුණ අතර ඔවුන් කළේ නඩු නොපවරණ ලෙස වැටලීම් කළ නිලධාරීන් වෙත තදින්ම බලපෑම් කිරීම යැයි සභාපතිවරයා හෙළිකර තිබේ.

අනතුරුව වැටලීම් කළ නිලධාරීන්ට එරෙහිව බොරු අල්ලස්චෝදනාවක් ගොනුකර, ඉතාම නින්දාසගහත ලෙස සිය බලය යොදා නීතිය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන්ට ඉඩ නොදීම සම්බන්ධයෙන් සංගමයක් ලෙස ගත හැකි උපරිම නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව උපුල් රෝහණ මහතා අවධාරණය කර සිටී.

හෝටලයේ කිර්තිනාමය විනාශ කිරීම, සංවිධානය කළ යම් යම් ඉසව් විනාශ කිරීම, අල්ලස්ඉල්ලීම වැනි කිසිම පදනමක් නැති චෝදනා සහිතව ඇවෙන්රා ගාර්ඩන් හෝටල් පරිපාලනය විසින් නිකුත් කළ බව කියන, නමක් ගමක්, අත්සනක් හෝ අඩුම තරමින් නිල ශීර්ෂ ලේඛනයක නොලියූ ලේඛනයක් සමාජ මාධ්‍ය ඔස්සේසැරිසරන බව රොහණ මහතා සඳහන් කරයි.

එසේම, කප්පම් සිද්ධියක් සම්බන්ධව පොලිසියට යොමු කළ පැමිණිල්ලක් සම්බන්ධව පොලිිසිය තමන් ද දැනුම්වත් කළ බවද ඔහු කියා සිටී.

මෙවැනි අනීතික බලපෑම්වලට යටත් වී මෙහෙයුම් නැවැත්වීමට සූදානම් නොවන්නේ යැයි කී උපුල් රෝහණ මහතා අදාල වැටලීම් දිගටම ක්‍රියාත්මක බවත් මෙම හෝටල් පරිපාලනයට එරෙහිව නීතිය ඉදිරියට ගොස් ඇති ගමන යළිත් ආපස්සට නොගන්නා බවත් අවධාරණය කළේය. 

අදාළ වැටලීම සිදු කළ මහජන පරීක්ෂකවරුන් පස්දෙනා ඇවෙන්රා ගාඩ්න් හෝටලයේ කළමනාකරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අද කටාන පොලිසියට කැඳවා ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

සමාජ මාධ්‍යට මුදාහැර ඇති ලිපිය පහත දැක්වේ.

සබැඳි පුවත්

ඇවෙන්රාට සීල් තැබීමත් සමග දේශපාලන පිටිය දෙදරයි

තරු පිරිවරා නත්තල් පාටි දැමූ Avenra Garden හි කුජීත කුස්සියට සීල් තියලා

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved