Connect with us

පුවත්

ඇසල පොහොය අදයි !

Published

on

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ.

ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේ අද වැනි දිනක බව බෞද්ධ පොතපතේ සඳහන් වේ. 

මෙදින බෞද්ධ ජනතාවට අතිශය වැදගත් වෙන සිදුවීම් රැසක් පිළිබඳව ශාසන ඉතිහාසයේ දැක්වේ.

ඒවා අතර බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගැනීම, සිදුහත් කුමරු ගිහි ගෙය හැර මහණදම් පිරීම සඳහා පිටත් වීම, සිදුහත් කුමරුගේ පුතණුවන් වන රාහුල කුමාරයා ඉපදීම ආදිය වේ.

ගෞතම බුදුරජාණන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රය බරණැස ඉසිපතන මිගදායේදී පස්වග මහණුන්ට දේශනා කරන ලැබුවේද ඇසළ පුරපෝය දිනයකදී බව සඳහන් වේ.

ඇසළ මාසය උදාවන විට පෙර වස් විසීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කර තිබේ. 

ඒ අනුව ඇසළ පොහෝදා පදනම් කරගෙන පෙර වස් විසීමද ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීමකි.

බුදුරජාණන් වහන්සේ එවකට භාරතයේ විසූ මානාධික තීර්ථකයින්ගේ මානය බිඳ හෙළීමද සිදු කර ඇත්තේ මෙම පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

ඒ අනුව බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී යමා මහ පෙළහර පා ඔවුන්ගේ මානය බිඳ දමා තිබේ.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ලංකාවේ කිත්සිරි මෙවන් රජදවස කලිඟු රට සිට හේම මාලා කුමරිය සහ දන්ත කුමරුන් ලක්දිවට උතුම් ශ්‍රී දළදා වහන්සේ වැඩම කරවීමද සිදුකර ඇත්තේ මෙම පෝය දිනයේදීය එතැන් පටන් ඇසළ පෝය මුල් කරගෙන ශ්‍රී දළදා පෙරහැර පැවැත්වීමද චාරිත්‍රානුකූලව සිදු කෙරේ.

බුද්ධ වර්ෂ 382 දී දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය ඉදිකිරීම පිණිස මුල්ගල තබා ඇත්තේ ද අද වැනි දිනකය.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved