Connect with us

පුවත්

ඇහැලියගොඩ ප්‍රදේශයේ කාන්තාවක් කපා කොටා ඝාතනය කෙරේ

Published

on


ඇහැලියගොඩ – ඇරෑපොල ප්‍රදේශයේ වයෝවෘද්ධ අඹුසැමි යුවලක් සිටි නිවසක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් විසින් එහි සිටි අඹු සැමියන් තියුණු ආයුධයකින් කපා කොටා කාන්තාව ඝාතනය කර පලාගොස් ඇතැයි ඇහැලියගොඩ පොලිසිය පවසයි

පොලිසිය පවසන්නේ, එම නිවසේ සිටි පිරිමි පුද්ගලයාද තියුණු ආයුධ ප්‍රහාරයට ලක්ව ඇති අතර, ඔහුද ඝාතනය වන්නට ඇතැයි සිතා කොල්ලකරුවන් පලා ගියද එම පුද්ගලයා මියගොස් නොතිබූ බවත් තුවාල ලබා බරපතල තත්වයෙන් සිටි ඔහු ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කල බවය.

එම අඹු සැමියන් දෙදෙනාගේ දරුවන් දෙදෙනෙකු විදේශගතව පදිංචිව සිටින බවත් එක් දියණියක් කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටින බවත්, මෙම අඹුසැමි දෙපළ අදාල නිවසේ පදිංචිව සිට ඇති බවත්, දේපල කොල්ලකෑම සදහා පැමිණි කිසිවෙකු මෙම ඝාතනය කර ඇතැයි සැක කරන බවද පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, ඇහැලියගොඩ, ඈරෑපොළ, නැදුරන ප්‍රදේශයේ පදිංචිකාරියක වන ජයසිංහ මුදියන්සේලාගේ චන්ද්‍රලතා අයරින් නමැති 74 හැවිරිදි තිදරු මවකි.

එමෙන්ම එම නිවසේම පදිංචි ඇගේ ස්වාමි පුරුෂයා වන වයස අවුරුදු 76ක් වු විශ්‍රාමික යුධහමුදා නිලධාරියාද එම නිවසේ නානකාමරය අසල අයුධයකින් කපා තුවාල සිදුකර අතපය ගැටගසා සිටි බවද පොලිසිය පවසයි..

පුවත්

කෝටි 24ක කොකේන් එක්ක විදේශිකයෙකු ගුවන්තොටේ දී මාට්ටු

Published

on

By

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද (20) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙකි.

මොහු මෙම කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 855 ක් බර කොකේන් මත්ද්‍රව්‍ය තොගය බ්‍රසීලයෙන් රැගෙන, ඒවා කාඩ්බෝඩ් මත අලවා, ඒවා මත කළු පැහැති කඩදාසි අලවා, එම කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07 ක් තුළ අසුරා , පසුව ඒවා තම ගමන් මල්ලෙහි අසුරා ගෙන තිබුණි.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක්

Published

on

By

ශ්‍රී ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක් හඳුනාගෙන තිබේ.

ඒ, මීරිගම ප්‍රදේශයෙනි.

එම මදුරු විශේෂය නම් කර ඇත්තේ, කියුලෙක්ස් ලොපසෙරමියා සින්ටලස් ලෙසයි.

ප්‍රධාන පෙළේ වෛරස් වාහකයෙකු ලෙස එම මදුරු විශේෂ හඳුනාගෙන ඇතැයි, වෛද්‍ය පර්යේෂණායතනයේ කීට විද්‍යාඥ ගයාන් කුමාරසිංහ මහතා සඳහන් කළේ ය.

(News 1st) 

Continue Reading

පුවත්

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද මැතිවරණ කොමිසමට

Published

on

By

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද (20) දින මැතිවරණ කොමිසමට භාරදෙන බව රජයේ මුද්‍රණාලය පවසයි.

අධිකරණය පැනවූ වාරණයක් හේතුවෙන් පළාත් පාලන ආයතන 102 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වී තිබුණි.

ඒ අනුව, මේ වන විට එම ආයතනවලට අදාළ සියලු තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කෙරෙන බව, රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved