Connect with us

පුවත්

ඉතුරු පාස්පෝට් සේරම මාසයක් ඇතුළත දෙනවා – ඇමති

Published

on

නිකුත් කිරීමට ඉතිරිව පවතින සියලු ගුවන් ගමන් බලපත්‍ර මාසයක් තුළ නිකුත් කර, එම ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් ක්‍රමිකව සිදු කෙරෙමින් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේය. 

ඔහු මේ අදහස් පළ කළේ 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමුවරට ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම පිළිබඳව ජනතාව තුළ බිඳවැටී ඇති විශ්වාසය නැවත ඇති කිරීම මුලික අරමුණ කරගෙන පැය 24 පුරා ගුවන් ගමන් බල පත්‍ර නිකුත් කිරීම ආරම්භ කළ බව සභාපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.එමෙන්ම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවකයින් ඒ වෙනුවෙන් සිදු කරන කැපවීම වෙනුවෙන් සභාපතිවරයා ඔවුන් වෙත සිය ස්තුතිය පළ කළේය. 

තවද ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාලයක් අදාළ මුද්‍රණ යන්ත්‍ර ලබා ගැනීමෙන් පසු යාපනයේ ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බවත් ප්‍රාදේශීය කාර්යාල වල ගමන් බලපත්‍ර නිකුත් කිරීම දෙගුණ කරන බවත් කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදෙන ලෙසට කරන ලද ඉල්ලීම සම්බන්ධව කාරක සභාවේ දී සාකච්ඡා කරන ලද අතර ඒ අනුව එම මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් මේ වන විට මන්ත්‍රීවරුන්ට පවතින තර්ජන සම්බන්ධයෙන් විමර්ශනය කරමින් අවසන් වාර්තා සකස් කරමින් පසුවන බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පැවසුවේය. එම තක්සේරු වාර්තා ලැබීමෙන් පසු අදාළ මන්ත්‍රීවරයන්ට ආරක්ෂාව අවශ්‍යනම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බව කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

තවද පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මේ වනවිට පවතින තත්ත්වය හා එය මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වැඩසහටන් පිළිබඳව ද කාරක සභාව තුළ සාකච්ඡා කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ වැඩ බලන පොලිස්පතිවරයා ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය මුලික කරගෙන මෙ‍ලෙස පාතාල ක්‍රියාකාරකම් මතුව ඇති බව පෙන්වා දුන්නේය. විදේශයන් හි සිට මෙලෙස මෙහෙයවන මෙම පාතාල ක්‍රියාකාරකම් සිදු කරන පිරිස් හඳුනාගෙන,ඔවුන් අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒම සඳහා රාජතාන්ත්‍රික මට්ටමින් අවශ්‍ය කටයුතු කෙරෙන බව වැඩ බලන පොලිස්පතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ආවධාරණය කළේය.

මෙම රැස්වීමට සහභාගී වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පොලිස් සේවයේ නිරත නිලධාරීන්ගේ වැටුප් මෙවර අය වැය යෝජනා ඔස්සේ අඩුවීමක් වන බවට කරුණු ඉදිරිපත් වී ඇති බව පැවසීය. ඊට පිළිතුරු ලබා දුන් සභාපතිවරයා ප්‍රතිශතාත්මකව අය වැය තුළ යම් යම් වැටුප් අඩු වීම පෙන්නුම් කළ ද කිසිම නිලධාරියෙකුගේ වැටුප් අඩුවීමක් සිදු නොවන බවත්, අනිවාර්යයෙන් වැටුප් වැඩිවීමක් පමණක් සිදුවන බවත් අවධාරණය කළේය.

තවද රාජ්‍ය නොවන සංවිධාන මගින් මුදල් යොදවා සිදුකරන ව්‍යාපෘති විධිමත් නියාමනයක් සහිතව සිදු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද කාරක සභාවේ අවධානයට යොමුවිය.

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved