Connect with us

පුවත්

ඉදිරියේදී අලුත් මැතිවරණ නීති

Published

on

මැතිවරණයේදී ලබාදුන් පොරොන්දු මැතිවරණයෙන් පසු ඉටු නොවන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඡන්දදායකයාට අයිතියක් ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

අද (26) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පවසා සිටියේ, මේ සඳහා මැතිවරණ නීතිද යම් ආකාරයකට වෙනස් විය යුතු බවයි.

කෙසේ නමුත් මෙරට මැතිවරණ ක්‍රමවේදය තුළ ඡන්දය නැවත කැඳවීමේ ක්‍රමවේදයක් නොැමැති බවත්, ඒවා ප්‍රතිසංස්කරණය විය යුතු බවත් ඒ මහතා පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ සමන් ශ්‍රී රත්නායක මහතා,

“අපේ රටේ තියෙන සම්ප්‍රධාය තමයි ඡන්දයක් තිබුණට පසු පත්කරගන්නවා, ආපහු අවුරුදු කිහිපයක් බැණ බැණ ඉන්නවා. ආපසු ඊළඟ ඡන්දෙදි අයෙම යනවා. ඕක තමයි ක්‍රමේ.

අපි හිතන්නේ පත්කරගත්තට පස්සේ අපේ රාජකාරිය ඉවරයි කියන එක. එහෙම නෑ. පුරවැසියෝ විදිහට අපට අනිවාර්ය වගකීමක් තියෙනවා අපි පත්කරගත් සභිකයනින් ලවා අපේ කාර්යභාරය කරවා ගැනීමට. එසේ නොකරනාවනම් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හැකියාව තිබෙනවා.  

අපේ රටේ නැවත ප්‍රශ්න කිරීමක් කෙරෙන්නේ නැවත ඡන්දයක් එනකම් විතරයි. ඒකට මැතිවරණ නීතිත් යම් ආකාරයකට වෙනස් විය යුතුයි. අපේ රටේ නැවත කැඳවීමේ ක්‍රමවේදයක් අපේ මැතිවරණ ක්‍රමවේදය තුළ නෑ. ඒවා ප්‍රතිසංස්කරණය විය යුතු කාරණා. අලුත් මැතිවරණ නීති සංශෝධනයේදී ඒවා හඳුන්වාදිය යුතු කාරණා වෙනවා.

අපේ රටේ ඡන්ද දායකින්ට වඩා පාරිභෝගිකයෝ ඉන්නේ. දුන්නොත් දෙනවා කියන න්‍යායේ තමයි ඉන්නේ. ඉන් එහාට ගිහින්, දීලා විතරක් බෑ,  දුන්නට පස්සේ එක ඇදගෙන යාමත් පුරවැසියන්ගේ වගකීමක්”.

පුවත්

පාදෙණිය විහාරාධිපති හිමිගේ ධූරය අත්හිටුවයි

Published

on

By

මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් විසින් පාදෙණිය රාජමහා විහාරාධිපති කටුමුළුවේ සුමනරත්න හිමියන්ගේ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවා තිබේ.

පසුගිය මැයි 18 දා නිකුත් කළ ලිපියකින් මල්වතු පාර්ශ්වය දන්වා ඇත්තේ,මහාසංඝ සභාවේ නියමය නොතකමින් ඉකුත් 17 වනදා ‘සිහිනය’ නම් වැඩසටහන එම විහාරස්ථානයේ දී පැවැත්වීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

ඒ අනුව කටුමුළුවේ සුමනරත්න හිමියන් දැරූ හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවන බව නිල වශයෙන් දන්වා තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලුණු ආනයනයට ගැසට් පත්‍රයක්

Published

on

By

ලුණු ආනයනය කිරිම සදහා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සඳහන් කළේ, ලබන මස 10 වැනිදා දක්වා ලුණු ආනයනය කිරිමට හැකි වන ලෙස ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවය.

ඒ අනුව ලුණු ආනයනය කිරිම සදහා බලපත්‍රයක් අවශ්‍ය වන්නේ නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ඇති ඕනෑම අනයනකරුවෙකුට ලුණු ගෙන්විය හැකි බව ඇය සඳහන් කළාය.

ඒ යටතේ අයඩිනීකරණය කර නොමැති සහ කෑමට ගන්නා ලුණු ආනයනය කිරිමට හැකියාව ඇතැයි ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සදහන් කළා ය.

මේ අතර වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන්  කළේ අද(20) දිනයේ පරිභෝජනයට ගන්නා ලුණු මෙට්ට්‍රික් ටොන් 250ක්  මෙරටට ආනයනය කෙරෙන බවයි.

බදාදා,බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හිදි ආනයනය කෙරෙන ලුණු මෙරටට ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඉන්දියාවෙන් එම ලුණු ආනයනය කිරිමට නියමිතයි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

කෙහෙළිය අධිකරණයට රැගෙන එයි

Published

on

By

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.

එම නඩුව අද (20) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved