Connect with us

පුවත්

ඉදිරි යල කන්නය සඳහා මඩ පොහොර අඩු මිලට ගොවීන්ට

Published

on

ඉදිරි යල  කන්නයට අවශ්‍ය මඩ පොහොර, දැනට වෙළෙඳ පොළේ පවතින මිලට වඩා අඩු මිලකට ගොවීන්ට ලබා දීමට ගැසට් නිවේදනයක් මගින් කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම ගැටලු පිළිබඳ පසුගිය 13දා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක සුරේන් බටගොඩ යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ගොයම් කහ වීමේ රෝගය වැළැක්වීම, පොහොර යෙදීමේ උපාය මාර්ග සහ වී අලෙවි කිරීමේ ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

ගොයම් කහවීමේ රෝගය ඇති වීමට ප්‍රධාන හේතුව  ගොවීන් මඩ පොහොර භාවිතය අඩුවීම නිසා බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සොයා ගෙන ඇති අතර, ඉදිරි යල කන්නයේදී මෙම රෝගය වළක්වා ගැනීමට ගතයුතු පියවර පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

කාබනික හා රසායනික පොහොර සමාගම් විවිධ මතවල සිට පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීම් සිදු කරන බවත්, මේ සම්බන්ධව කටයුතු කරන විවිධ විද්වතුන් හා ආයතන එක්ව තනි මතයක සිට කටයුතු කිරීම යෝග්‍ය බවත් මෙහිදී සඳහන් කෙරිණි.  

මෙම සාකච්ඡාවට  එක්ව සිටි පොහොර සමාගම් නියෝජිතයින් පෙන්වා දුන්නේ  ගොවියාට අඩු පිරිවැයක් යටතේ නිෂ්පාදන ඉහළ නංවාගත හැකි අන්දමින් පසට යෝග්‍ය බෝග වර්ග හා සුදුසු කෘෂි යෙදවුම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා නිර්දේශ කරීමට හැකි නම් යෙදවුමට සරිලන නිමවුමක් ගොවීන්ට ලබා ගත හැකි බවයි.

පැවති අභියෝග මධ්‍යයේ වුවද දැනට වෙළෙඳ පොළ අවශ්‍යතාව ඉක්මවා හොඳ වී අස්වැන්නක් පසුගිය යල සහ මහ කන්නවලදී ලබා දීමට  අපේ ගොවි ජනතාවට හැකි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

සහල් අතිරික්තයක් පවතින මෙම අවස්ථාවේ ගබඩාවල ඇති පරණ වී තොග සත්ත්ව ආහාරවලට අලෙවි කිරීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී විමසා බැලුණු අතර එමගින් වී සඳහා ඉහළ මිලක් ලැබීම මෙන්ම  වෙළෙඳ පොළේ බිත්තර හා කුකුළු මස්වල මිල පහත වැටීම සිදුවන බවත් සඳහන් විය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු යන මහත්වරුන් ද, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීහු සහ කාබනික හා රසායනික පොහොර සමාගම් නියෝජිතයෝ ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved