Connect with us

පුවත්

ඉන්දියානුවෙක් ලාංකික දැරියකට ගුවන් යානයක් තුළ අතවර කරලා

Published

on

සෞදි අරාබියේ රියාද් සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක් තුළ ගමන්ගත් ශ්‍රී ලාංකික කුඩා දැරියක් ලිංගික අතවරයකට ලක්වී තිබේ.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ ඉන්දීය ජාතික ගුවන් මගියා ගුවන්යානා කාර්යමණ්ඩලය විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාරදී ඇත.

අද (13) උදෑසන 07.20 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ මෙම ලිංගික අතවරය සිදුකර ඇති බව වාර්තා වේ.

සැකකරු 49 හැවිරිදි ඉන්දීය ජාතික වඩු කාර්මික ශිල්පියෙකි. 

ඔහු මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ යළිත් ඉන්දියාව වෙත වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාම සඳහා පැමිණෙමින් සිටි සංක්‍රමණික ගුවන් මගියෙකි.

සෞදි අරාබියේ රැකියාවක නිරත තම පියා බැලීමට ගොස් ආපසු පැමිණෙමින් සිටි අවිස්සාවේල්ල, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි මවක සහ ඇයගේ කුඩා දැරියන් දෙදෙනා ද මෙම ගුවන් යානයේ ගමන් ගනිමින් සිට තිබුණි. 

ඔවුන් අතරින් අවුරුදු 08යි මාස 10ක් වයසැති කුඩා දැරියව මෙම ඉන්දීය ජාතිකයා විසින් ලිංගික අතවරයකට ලක් කර තිබූ අතර, ඒ පිළිබඳව ගුවන්යානා කාර්යමණ්ඩලය වෙත පැමිණිලි කිරීමට මෙම මව පියවර ගෙන තිබුණි.

ඒ අනුව ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව මෙම ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාරදීමට පියවර ගෙන ඇත.

මේ වනවිට අතවරයට පත් ශ්‍රී ලාංකික දැරිය සහ ඉන්දීය ජාතිකයා මීගමුව මහ රෝහල වෙත වෛද්‍ය පරීක්ෂණ සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය විසින් යොමුකර තිබේ.

ඉන් අනතුරුව මෙම ඉන්දීය ජාතිකයා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ගුවන්තොටුපොළ පොලීසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved