Connect with us

පුවත්

“ඉන්දියාවට ළං වෙන්න, හැබැයි ඉන්දියාවට ඕනේ විදියට මේ රට ගෙනියන්න බැහැ”

Published

on

එට්කා ගිවිසුමට විරෝධය පළකර ජනතා විමුක්ති පෙරමුණට අතීතය නැවත මතක් කිරීමට කටයුතු කරන බව සර්වජන බලය පවසයි.

රාජ්‍ය නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ බලපෑම්වලට යටත් නොවී රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද එම පක්ෂය පවසයි.

සර්වජන බලයේ උප සභාපතිනි අනුරාධා යහම්පත් මහත්මිය පෙන්වා දෙන්නේ බලය නැති අවධියේ නම් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබල වේගය ඉන්දියාවෙන් මෙරටට එල්ලවන බලපෑම සම්බන්ධයෙන් නිරන්තරයෙන් කතාකළ බවත්, ඉන්දියාව සමග ශ්‍රී ලංකාව ඇතිකර ගැනීමට යන ගිවිසුම්වලට දැඩි විරෝධයක් එල්ල කළ බවත් ය.

ඇය මේ බව කියා සිටියේ කොළඹ සර්වජන බලය මුලස්ථානයේ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි අනුරාධා යහම්පත් මෙසේ ද කියා සිටියාය.

” එට්කා ගිවිසුම ගේන්න හදද්දී ඒක එපා කියලා මුලින්ම පාරට ආවේ වර්තමාන ආණ්ඩුව. ඔවුන් තමයි ඒ වෙනුවෙන් වැඩියෙන්ම සටන් කළේ. අපි කියන්නේ නැහැ ඔවුන් දැන් කරන්න හදන්නේ ඒක ගෙන්න කියලා. නමුත් එය කරන්න කලින් අපි කියන්නේ. ඒ වගේම කියන්න ඕනේ කලින් හිටපු කිසිම රාජ්‍ය නායකයෙක් දහතුන්වැනි සංශෝධනය ගෙනාවේ නැහැ. ඔවුන් දන්නවා එය ගෙනාවොත් වෙන දේ. මේ ආණ්ඩුවත් එහෙම කරයි කියල අපි හිතනවා. අපි කියන්නේ ඉන්දියාව එක්ක සමීප සම්බන්ධතාවයක් පවත්වන එක ඉතාම හොදයි හැබැයි ඉන්දියාවට ඕනේ විදියට මේ රට ගෙනියන්න බැහැ ”

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි සර්වජන බලයේ විධායක සභික අනුරුද්ධ හේරත් 

” මාලිමාවේ අයගේ අධ්‍යාපන සහිතක බොරු කියල ඔප්පු වෙද්දීත් කියනවා කමක් නෑ අපි මාලිමාවට කියලා. විදුලි බිල අඩු නොකළත් කියනවා ආ කමක් නෑ අපි මාලිමාවට කියලා. නමුත් අපි ජනතාවගෙන් ඉල්ලන්නේ ඔබ මාලිමාව එක්ක ඉන්න ඒකට අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් රටට අයහපතක් වෙනවනම් රටේ ස්වාධීනත්වයට අවුලක් වෙනවනම් ආරක්ෂවාට තර්ජනයක් වෙනවනම් ඒත් අපි මාලිමාවට කියල කියන්න එපා කියලා. වරදක් දුටු විට එරෙහි වෙන්න. මේ රට ඉන්දියාවේ රූකඩයක් කරන්න දෙන්න එපා”

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved