Connect with us

පුවත්

ඉන්දියාවෙන් අපේක්ෂිත සහල් බහලුම් 2,500න් ඇවිත් තියෙන්නේ 75යි

Published

on

ඉන්දියාවෙන් ආනයනය කිරීමට අපේක්ෂිත සහල් බහලුම් 2,500 න් පසුගිය සිකුරාදා (13) සවස් වන විට ආනයනය කර ඇත්තේ බහලුම් 75 ක් පමණක් බව වාර්තා වේ. 

රජයසහල් ආනයනය සඳහා පැවැති සීමා ඉවත් කරනු ලැබුවේ පසුගිය 20 වැනිදා තෙක් පමණි.

මෙරට සහල් අර්බුදය විසඳීම සඳහා කඩිනමින් සහල් මෙට්‍රික් ටොන් 75,000 ක් ආනයනය කිරීමට රජය ඉකුත් 04 වැනිදා සහල් ආනයන සීමා ඉවත් කළේය. 

ඒ අනුව ඕනෑම සහල් වර්ගයක් ඉන්දියාවෙන් මෙමස 20 වැනිදා දක්වා ආනයනය කිරීමට ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට අවස්ථාව ලබාදී තිබේ.

කෙසේ නමුත්, සහල් ආනයනයේ දී කිලෝවක් සඳහා අය කරන රුපියල් 65 ක තීරු බද්ද රුපියල් 50 ක් දක්වා රුපියල් 15 කින් අඩු කරන ලෙස ආනයනකරුවන් රජයෙන් ඉල්ලා ඇත. 

ඊට රජයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම නිසා ආනයනකරුවන් රැසක් සහල් ආනයනය කිරීමට අඩු උනන්දුවක් දක්වන බව පැවසේ.

මේ නිසා රජය ආනයනය කිරීමට අපේක්ෂිත සහල් ප්‍රමාණය ආනයනය කිරීමට නොහැකි වී ඇතැයිද වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

මූලාශ්‍රය – අරුණ

පුවත්

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති දිවයිනට

Published

on

By

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

‍ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමග 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යංශයට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ (02) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

ඔවුන් පිළිගැනීම සඳහා මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

‍ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළ දී දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීම සහා ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳ අවධානය යොමුවනු ඇත.

ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව මෙම දුත පිරිස ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අද කාලගුණය

Published

on

By

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය  දිස්ත්‍රික්ක යෙත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!

Published

on

By

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සටනට රීසා සරූක් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කියා සිටී.

විපක්ෂයේ සියලු පක්ෂවල එකගතාව ඊට ලැබී ඇති බවද රහුමාන් මන්ත්‍රීවරයා සදහන් කර ඇත.

මෙතෙක් බලය පිහිටුවා නොමැති පළාත් පාලන ආයතනවල බලය ස්ථාපිත කර ගැනීම සඳහා විපක්ෂ පක්ෂ කිහිපයක් අතර පොදු එකඟතාවය ඇතිව තිබේ.

ප්‍රකට මැණික් ව්‍යාපාරිකයකුට අයත් කොළඹ කොල්ලුපිටියේ පිහිටි තරු හෝටලයක පහුගිය සතියේ පැවති සජබ – එජාප – ශ්‍රීලනිප හා පොහොට්ටු පක්ෂවල  නියෝජිතයින්ගේ විශේෂ රැස්වීමකදී එවැනි පොදු එකඟතාවයක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබිණ.  

එහිදී කොළඹ මහ නගර සභාවේ බලය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකර ගෙන තිබේ. ඒ අනුව නගරාධිපති ධුරය සමගි ජන බලවේගය වෙත ලබාදීමටත් නියෝජ්‍ය නගරාධිපති ධුරය එකසත් ජාතික පක්ෂය වෙත ලබාදීමටත් එකඟතාවයට පත්ව ඇත.

මේ අතර ජාතික ජන බලවේගය විසින් සිය නගරාධිපති ලෙස නම් කර ඇත්තේ රායි බ්‍රැල්තසාර් ය.

මූලාශ්‍රය – ද ලීඩර්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved