පුවත්

ඉන්දියාවෙන් බිත්තර පටවගෙන එන්න ඇමති නලින් ගෝලයෙක් යවයි!

Published

on

බිත්තර ආනයනය ප්‍රමාදවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සොයා බැලීම සඳහා නිලධාරියෙකු ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇතැයි, වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.

රජයේ වාණීජ හා නීතිගත සංස්ථාවේ නිලධාරියෙකු එලෙස පිටත්ව යාමට නියමිතව ඇති බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

බිත්තර සම්බන්ධයෙන් වන ප්‍රමිති වාර්තාව හා බිත්තර ආනයනය ප්‍රමාදවීම සම්බන්ධයෙන් අදාළ නිලධාරියා කරුණු සොයා බැලීමට නියමිත බව පැවසේ.

ඉන්දියාවෙන් බිත්තර ලක්ෂ 20 ක් ආනයනය කිරීමට නියමිතව ඇති අතර ඉන්දීය සත්ත්ව හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් එහි ප්‍රමිති වාර්තාව මෙතෙක් නිකුත් නොකිරීම හේතුවෙන් බිත්තර ආනයනය ප්‍රමාදවී ඇතැයි වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශය සඳහන් කියා සිටී.

මේ අතර, ඉන්දියන් බිත්තර ආනයනය කිරීම සඳහා ආණ්ඩුවේ අයෙක් රුපියල් මිලියන 75 ක් ඉල්ලා ඇති බවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කර තිබිණි.

එසේම, වයඹ පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු ව්‍යාපාරිකයින් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා බිත්තර රටින් ගෙන්වීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ලකරමින් සිටී.

ඔවුන් පෙන්වා දෙන්නේ අමුද්‍රව්‍ය මිල පහළ දමා දේශීය බිත්තර නිෂ්පාදකයින් ශක්තිමත් කිරීමේ හැකියාව තිබියදී වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා බිත්තර රටින් ගෙන්වීමට කටයුතු කර ඇති බවයි.

එසේම අමුද්‍රව්‍ය මිල පහළ දමන්නේ නම් බිත්තරයක් රුපියල් 25ක මිලකට දිය හැකි බව ඔවුන් පෙන්වාදෙයි.

මේ අතර, බිත්තර ආනයනය කිරීම පිටුපස මහා පරිමාණ බදු වංචාවක් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා චෝදනා කර සිටී.

කෙසේවුවද, මෙසේ තමිල් නාඩුවෙන් ගෙන්වන අදාළ බිත්තර මිලියන දෙකක ප්‍රමාණය යොදාගත හැකි වන්න්නේ බේකරි නිෂ්පාදන සඳහා පමණක් වන අතර එහි කටු පරිසරයට මුදා හැරීම ද තහනම් වේ.

සබැඳි පුවත්

නලින්ගේ බිත්තර එන්නේ කුරුළු උණ වැඩියෙන්ම ඇති තමිල්නාඩුවෙන්!

නලින්ගේ බිත්තරේ රටින් එද්දී බිත්තර කුකුළු පැටව් වෙයි?

ඇමැති නලින් ගේන ඉන්දියන් බිත්තරේ කටු පරිසරයට මුදන්න බැහැ!

Trending

Exit mobile version