Connect with us

පුවත්

ඉන්දියාවෙන් හා පාකිස්ථානයෙන්  ලංකාවට මී ගවයන් සහ එළදෙනුන්

Published

on

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය නංවාලීම සඳහා මී ගවයන් සහ එළදෙනුන් ලබා දීමට ඉන්දියාව සහ පාකිස්ථානය සිය එකඟතාවය පළ කර තිබේ.

අප රටේ සිටින මී ගවයින් සහ එළ ගවයින්ගෙන් එක් ගවයෙකුගෙන් දිනකට ලබා ගන්නා කිරී ප්‍රමාණය ලීටර් 10ක් පමණ වේ.

නමුත් නව කෘෂි තාක්ෂණය ඔස්සේ එක් ගවයෙකුගෙන් දිනකට තුන්වරක් කිරි ලීටර් 60ක් දක්වා ලබා ගැනීමට හැකියාව පවතී.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙරට ඉන්දීය තානාපතිතුමන් හා පාකිස්ථාන මහකොමසාරිස්තුමන් සමඟ කළ සාකච්ඡාවල දී ඉන්දීය හා පාකිස්ථානු වැඩි දියුණු කළ එළ ගවයින් හා මී ගවයින් ලබා ගැනීම සම්බන්ධව සාකච්ඡා කරන ලදී.

මේ වනවිට ඉන්දියාව හා පාකිස්ථානය යන රටවල් දෙකම තම රටවල සිටින ගවයින් වෙනත් රටවලට ලබා නොදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින අවස්ථාවක වුවද ශ්‍රී ලංකාවට ඔවුන් සතු ගවයින් ලබා දීමට එහිදී එකඟත්වය පළ කර ඇත.

මෙරට පාකිස්ථානු මහ කොමසාරිස් Major General Faheem Ul Aziz මහතා පසුගියදා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී මෙම කරුණු සම්බන්ධව සාකච්ඡා කර තිබේ.

එහිදී දැනට රටතුළ කිරි නිෂ්පාදනය සම්බන්ධව පවතින තත්ත්වය සඳහන් කළ අමාත්‍යවරයා මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මත එරට ගවයින් මෙරටට ලබා දීම සඳහා එකඟත්වය පළ කළ බව සඳහන් කර අත.

එමනිසා පාකිස්ථානය ද මේ සම්බන්ධව සහයෝගය පළ කරනු ඇතැයි රජය වශයෙන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා විසින් පවසන ලදී.

අමාත්‍යවරයා විසින් කළ ඉල්ලීම සළකා බලමින් පාකිස්ථාන රජය විසින් ද ශ්‍රී ලංකාවට ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව පාකිස්ථානු මහකොමසාරිස්වරයා විසින් සඳහන් කර තිබේ.

සාකච්ඡා අනුව ඉන්දීය රජය විසින් සහිවාල් නැමැති එළ ගව විශේෂය ද, පාකිස්ථානය විසින් මුරා නැමැති මී ගව විශේෂයද මෙරටට ලබා දීමට නියමිතය.

මෙම ගවයින් මෙම වසර තුළ ලැබෙනු ඇතැයි ද එමගින් රටට අවශ්‍ය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට එම කටයුතුවලින් හැකිවනු ඇත.

මෙරට දේශගුණික තත්ත්වයන්ට ගැළපෙන එළගවයින් හා මීගවයින් සිටිනුයේ ඉන්දියාවේ හා පකිස්ථානයේ පමණක් වන අතර මින් වසර කිහිපයකට පෙර නවසීලන්තය හා ඔස්ට්‍රේලියාවේ සිට ගවයින් ආනයනය කළ ද එම ව්‍යාපෘති අසාර්ථක විය.

පුවත්

 තරුණයකුගේ වෘෂණ කෝෂ තැලූ සිද්ධියකට “ටීචර් අම්මා” පොලිසිය සොයයි

Published

on

By

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඒ, ඇයගේ ආයතනයේ සේවය කළ තරුණයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

සිද්ධියට මුහුණදුන් තරුණයා පොලීසියට පවසා ඇත්තේ සමාජ මාධ්‍යයේ පළ වූ පෝස්ටුවකට අදාළව ගුරුවරිය ඇතුළු කිහිපදෙනෙකු විසින් තමන්ට පහර දුන් බවයි. 

එසේම, හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයාට එල්ල කළ බව කියන පා පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති බවද පැවසේ.

ඒ අනුව පහරකෑමට ලක්වූ එම තරුණයා මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද වාර්තා වේ.

චෝදනාවට ලක්ව සිටින ටීචර් අම්මා නමැති අදාළ ගුරුවරිය අත්අඩංගුවට ගැනීම සඳහා ඇයගේ නිවස සහ උපකාරක පන්ති පවත්වන ස්ථානය පරික්‍ෂා කළද එම ස්ථාන ඉබි යතුරු දමා වසා දමා තිබූ බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අනුව ඇය ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට පොලීසිය සැක පළකරයි.

කෙසේවෙතත් අදාළ තරුණායට පහරදීමේ සිද්ධියට ඇයගේ සැමියා හා ඇයගේ ආයතනයේ කළමනාකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. 

ඒ අනුව සැකකරුවන් මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

එහිදී අධිකරණය පොලීසියට නියෝග කර ඇත්තේ හයේශිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා‘ නම් උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

Continue Reading

පුවත්

රුසියානු තානාපති කාර්යාලයට ලැප් එකක් දී පලාගිය ජර්මන් කත අල්ලයි

Published

on

By

රුසියානු තානාපති කාර්යාලයට ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් භාර දී පලා ගිය ජර්මන් කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ජර්මන් ජාතික කාන්තාව ඉකුත් අප්‍රේල් 28 වනදා රුසියානු තානාපති කාර්යාලයේ පුද්ගලික ආරක්‍ෂක නිලධාරියෙකු හට එම ලැප්ටොප් පරිගණකය ලබා දී පලා ගොස් තිබූ බව පැවසේ. 

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කුරුඳුවත්ත පොලීසිය හා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් එම සිද්ධියට අදාළ ජර්මන් ජාතික කාන්තාව පිළිබඳ තොරතුරු අනාවරණ ඇති බවද පැවසේ.

ඒ අනුව අදාළ විමර්ශන අවසන් වනතෙක් ඇයගේ ගුවන් ගමන් තහනම් නියෝගයක් පසුගිය 04 වනදා අධිකරණය මගින් ලබාගෙන ඇත. 

තත්ත්වය එසේ තිබියදී එම ජර්මානු ජාතික කාන්තාව විදෙස්ගත වීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර එහිදී පනවා තිබූ ගුවන් තහනමට අනුව ගුවන් තොටුපොළ පොලිස් ස්ථානය මගින් සැකකාර විදෙස් කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. 

ඉන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා ඇය කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ඒ අනුව සැකකාර ජර්මන් ජාතික කාන්තාව අලුත්කඩේ අංක එක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර තිබේ.

Continue Reading

පුවත්

වෙසක් වලින් පස්සේ ලයිට් බිල 33%කින් වැඩිවෙයි

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ පරිදි විදුලිය ගාස්තුව ඉහළ දැමීමට අදාළ වන යෝජනාව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට ලබන සතිය තුළ යැවීමට සැලැසුම්කර ඇති බව වාර්තා වේ.

මෙම යෝජනාව අනුව දැනට අයකරන විදුලි ගාස්තුව සියයට 33 කින් හෝ ඊට වැඩි ගණනකින් ඉහළ දැමීමට යෝජනා කෙරෙනු ඇතැයි වැඩිදුරටත් පැවසේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සපයන ණය මුදලේ මීළඟ වාරිකය නිදහස් කිරීමට නම් විදුලිය නිෂ්පාදනයේ පිරිවැය ආවරණය වන ගාස්තුවක් පාරිභෝගික ජනතාවගෙන් අය කළ යුතු බව මෙයට පෙර මූල්‍ය අරමුදල නිර්දේශ කළේය. 

එය ඉටුකිරීම ප්‍රමාද වීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 344 කින් යුත් ණය වාරිකය නිදහස් කිරීම ද පමා වී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved