Connect with us

පුවත්

ඉන්දියාව එක්ක ඩිජිටල් ගිවිසුමක්

Published

on

ඩිජිටල් සංවර්තනය සඳහා ක්‍රියාත්මක කරන ලද සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කිරීමේ සහයෝගිතාව පිළිබඳව ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධනා ගිවිසුමට අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

තොරතුරු තාක්ෂණයේ සහ ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වශයෙන් ඉන්දියාව ඉ-රාජ්‍ය පාලනය, මුල්‍ය තාක්ෂණ ක්‍රමවේද, කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල් යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍ර වල අත්කරගෙන ඇති විශේෂඥ දැනුම බහු විධ ක්‍රියාකාරකම් හරහා ශ්‍රී ලංකාවේ ධිජිටල් සංවර්තනය සඳහා ලබා ගැනීමට හැකියාව පවතී.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට දෙපාර්ශ්වය අතර මූලික එකඟතාවකට පැමිණ තිබේ.

එමඟින්, ඩිජිටල් සංවර්තන ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ ධාරිතා වර්ධනය කිරීමට සහ ඩිජිටල් සංවර්තන විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී දෙරට අතර ආයතනික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමට හැකියාව ලැබෙනු ඇත.

ඒ අනුව, යෝජිත අවබෝතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved