Connect with us

පුවත්

ඉන්දීය ණයෙන් ලියාපදිංචි නැති බෙහෙත් ගෙන්වලා – වෛද්‍ය ආනන්ද 

Published

on

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉන්දියාවේ ගුජරාට්හි පිහිටි Savorite Pharmaceuticals සමාගමෙන් ලංකාවට ආනයනය කරණ ඖෂධ වර්ග 36න් කිසිදු ඖෂධයක් මෙරට ලියාපදිංචි ඖෂධ නොවන බවට තොරතුරු ලැබී ඇතැයි ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කියයි.

එසේම එම ණය යටතේ මෙරටට ආනයනය කරනු ලබන ඖෂධවලින් සියයට අසූවක් (80%) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඖෂධ බවද හෙතෙම කියා සිටී.

මේ වනවිට රෝගීන්ට අවශ්‍ය නොවන ඖෂධද මෙම ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇතැයි ද පැවසේ.

වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ ලැයිස්තුවෙන් ඉවත්කර ඇති ඖෂධ වර්ගද ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ හෙළිකර තිබේ.

මෙය බරපතළ තත්ත්වයක් වන අතර මෙරටට ගෙන්වනු ලබන ඖෂධ ලැයිස්තුවෙ ඇති ඖෂධ අතර රෝගීන්ට අත්‍යවශ්‍ය නොවන කැස්සට ලබාදෙන ඖෂධ වැනි ඖෂධ මෙන්ම ෂැම්පු වර්ගද ඇති බව හෙළිව තිබේ.

එමෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම් කමිටුව අනුමැතිය සඳහා දී ඇති ඖෂධ ලැයිස්තුවක ඖෂධ වර්ග දෙසිය හැත්තෑවක් පමණ මෙරට ලියාපදිංචි කර නොමැති බවද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කියා සිටී. 

විවිධ අවස්ථාවලදි අනවශ්‍ය ඖෂධ මෙරටට ගෙන්වීම වළක්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය දැනුම් දී ඇති අතර ඒ සම්බන්ධව සාකච්ජා වට පැවැත්වුවද එම සාකච්ජා අසාර්ථකවී ඇත.

මූලාශ්‍රය – අරුණ

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved