ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් යන මහත්වරු අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයෙන් ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවැනි අදියර නිවසක් ඉදිරිකිරීමේ පිරිවැය තුන් ගුණයකින් ඉහළ දැමීමට හැකිවී තිබේ.
මධ්‍යම, ඌව සහ දකුණේ දිස්ත්‍රික්ක 7ක් පුරා පැතිරී ඇති ශ්‍රී ලංකාවේ වතුකරයේ ඉන්දීය රජය ආධාර හරහා නිවාස 4,000ක් ඉදිකරමින් පවතින අතර මෙම තීරණයත් සමඟ එම නිවාස කඩිනමින් අවසන් කිරීමට හැකිවනු ඇත.
පළමු සහ දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල නිවාස 46,000 කට ආසන්න ප්‍රමාණයක් ඉදිකළ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වතුකරයේ නිවාස 10,000 ක් ඉදිකිරීමේ මීළඟ අදියර ළඟදීම ආරම්භ කිරීමට නියමිතය.
වතුකරයේ පදිංචිව සිටින ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200 ක් සපිරෙන වැදගත් සන්ධිස්ථානයක රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක අතර මෙය අධ්‍යාපනය, සෞඛ්‍යය, වෘත්තීය පුහුණුව සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා මහජන කේන්ද්‍රීය ප්‍රදාන යෝජනා ක්‍රම කිහිපයක් යටතේ ක්‍රියාත්මක වේ.
මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය පිහිටුවා වසර 100 ක් සම්පූර්ණ වීමට ද මෙම ව්‍යාපෘති හරහා සැමරේ.
(ලංකාදීප)