Connect with us

පුවත්

ඉන්දීය බිත්තර ලක්ෂ 70ක් තව දින කිහිපයකින් කුණු කූඩෙට?

Published

on

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කළ බිත්තර තොගවලින් බිත්තර ලක්ෂ 70ක් පමණ අගෝස්තු 9 වනදායින් කල් ඉකුත් වන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය කියා සිටී.

එහි සභාපති ආර්.එම්. සරත් රත්නායක මහතා කියා සිටින්නේ නිසි ප්‍රමිතියට ගබඩා කර නොමැති වීම හේතුවෙන් රජය විසින් බෙදා හරිනු ලබන එම ඇතැම් බිත්තර මේවනවිට ද නරක් වී ඇති බවයි.

පුවත්

“එක මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට එන්නේ ගිලන් රථයක එල්ලිලා”

Published

on

By

වාහන නොමැතිකම හේතුවෙන් මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් තමාට පැමිණිලි කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඔහු පවසන්නේ, වාහනයක් නොමැති නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරයකු බොහෝ අවස්ථාවල කොළඹට පැමිණෙන්නේ ගිලන් රථයක නැගී බවය.

මන්ත්‍රීවරයා රෝහල් බලධාරීන්ට අමතා කොළඹට එන ගිලන් රථයක නැගී පැමිණෙන බවත්, තවත් මන්ත්‍රීවරුන් පොදු ප්‍රවාහන සේවයෙන් කොළඹට පැමිණෙන බවත් කතානායකවරයා විසින් සඳහන් කරන ලදී..

මේ අතර තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන ලෙසට මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම ජනාධිපතිවරයාට මේ සතියේ භාර දෙන බවද ඔහු පැවසීය.

තමන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන ලෙසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 දෙනෙක් සංදේශයක් භාරදෙමින් කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබුණි..

එම ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය දැනටමත් පළවී තිබේ.

Continue Reading

පුවත්

අහුංගල්ල පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු වැලිඔයේදී අත්අඩංගුවට

Published

on

By

අහුංගල්ල, ලෝකන්වත්ත ප්‍රදේශයේදී පසුගිය 08 වනදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, වැලිඔය වෙහෙරතැන්න, බෝගස්වැව ප්‍රදේශයේදීයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කරන්නේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ වව්නියාව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි වෙහෙරතැන්න බෝගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අදාළ වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.   

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

Published

on

By

පාර්ලිමේන්තු මාර්ගයේ සිට ගමනකින් පැමිණි පිරිසක් නෙළුම් මාවතට ඇතුළු වීමට උත්සාහ දැරීමත් සමගයි මෙම  උණුසුම් තත්ත්වය ඇතිව තිබේ.

“රට වනසන පනත් පරාජය කරමු” මැයෙන් සංවිධාන කිහිපයක් එක්ව පාර්ලිමේන්තුව අසළ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම්මාවත පරිශ්‍රය දක්වා විරෝධතා පාගමනක් පැවැත්විණි.

නෙළුම්මාවතට ඇතුළුවන මාර්ගය අසළදී පොලිසිය ඔවුන්ට බාධා කිරීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් හටගැනීම සිදුවිය.

පොදුජන පෙරමුණු කාර්යාලයේ කිහිප දෙනෙකු සහ ඩෑන් ප්‍රියසාද් ද එම ස්ථානයට පැමිණීමත් සමග විරෝධතාකරුවන් ඔවුන්ට ද විරෝධය පළකර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved