Connect with us

පුවත්

ඉන්දීය මුදල් අමාත්‍යවරිය ශ්‍රී මහබෝධියේ උඩමළුවටම ගොස් වැඳ පුදාගනියි (ජායා)

Published

on

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය මල්වතු අස්ගිරි මහා නාහිමිවරු බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ.

දෙරට අතර ගැඹුරු සංස්කෘතික බැඳීම් හා පොදු උරුමයන් පිළිබඳව අදහස් දැක්වූ මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් – අතිපූජ්‍ය පූජ්‍ය. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ, ආර්ථික අර්බුදකාරී අවස්ථාවේදී ඉන්දියාව ලබා දුන් ආර්ථික සහය පිළිබඳව ස්තුතිය පුද කළහ.

අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමි –  වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක හිමියන්ව බැහැදුටු අවස්ථාවේදී සීතාරාමන් මහත්මිය විසින් මෙරට ආගමික ස්ථාන වලට සූර්ය බල විදුලිය ලබාදීම සඳහා අද දින අත්සන් තැබීමට නියමිත අවබෝධතා ගිවිසුම පිළිබඳව ද අදහස් පළ කළාය. මේ සඳහා බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඉන්දීය රජය විසින් වෙන් කර ඇති ඉන්දීය රු. කෝටි 107.47ක   ප්‍රදානයකින් ඉන්දීය රු. කෝටි 82.4ක් ලබාදීමට නියමිතය.

අමාත්‍යවරයාට සහ ඉන්දියාවට ස්තුතිය පුද කළ අස්ගිරි මහනාහිමියන් පවසා තිබුණේ මෙම පියවර, ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතා සඳහා කාලෝචිත සහ සහයෝගය දක්වන පියවරක් බවයි.

එසේම, ඉන්දීය මුදල් අමාත්‍යවරිය අනුරාධපුර ජය ශ්‍රී මහබෝ උඩමළුවටම ගොස් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගෙන තිබේ.

තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (01) පෙරවරුවේ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය දිවයිනට පැමිණියාය.

ඇය අද (02) දින ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සපිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වීමට නියමිතය.

ඊට අමතරව ඇය අද දිනයේ ඉන්දු – ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකිරීමට ද නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද නිර්මලා සීතාරාමන් මහත්මිය සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

ඉන්දීය රජයේ ආධාර යටතේ මෙරට ආගමික ස්ථාන සඳහා සූර්ය කෝෂ ලබාදීමේ ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ද අද දිනයේ සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

ඊට අමතරව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සිය සංචාරය තුළ දී ත්‍රීකුණාමලය සහ යාපනයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

ඡායාරූප – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල ට්විටර් ගිනුමෙනි

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved