Connect with us

පුවත්

ඉන්ධන සේවකයන් ඉරිදා වැඩ කළේ ඇමති ගේ වුවමනාවට?

Published

on

සතිපතා රියදුරන්ට හිමිවන ඉන්ධන කෝටාව අවසන් වන දිනය ඉරිදා සිට අඟහරුවාදා දක්වා වෙනස්කිරීමට යෝජනා කර තිබුණේ බොහෝ කලකට ඉහතදී බවත්, එය පමා කරවන ලද්දේ ඛනිජ තෙල් විෂය භාර ඇමතිවරයා විසින් බවත් ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමය පවසයි.
ඉරිදා දිනයේදී ඉන්ධන බෙදාහැරීම සඳහා සේවකයන් සේවයේ යෙදවීම දිගින් දිගටම සිදුකළේ ඇමතිවරයාගේ අවශ්‍යතාවය හේතුවෙන් බව වගකීමෙන් ප්‍රකාශ කරන බවට එම සංගමය විසින් පළ කර මාධ්‍ය නිවේදනයක දැක්වේ.

“අප නිලධාරීන් මෙන්ම සේවකයන්ද ඉරිදා දින රාජකාරී කරවීම නතර කරවන ලෙස ඉල්ලීම් කළ අතර, හිටපු කළමනාකාර අධ්‍යක්ෂකවරයාත් කිහිප අවස්ථාවකදීම ඉරිදා දින රාජකාරි නැවැත්වීමට උත්සහ කළද එය වළක්වන ලද්දේ ඇමතිවරයාගේ මැදිහත්වීමෙන් බව අපි නැවත වරක් වගකීමෙන් ප්‍රකාශ කරමු. එයට හේතුව වූයේ ඉරිදා දින නිවාඩු ලබාදීම ඇමතිවරයා විසින් වළකන ලද්දේ ඉරිදා බෙදාහැරීම් නතර කර කළහොත් සඳුදා දින තෙල් පෝලිම් ඇතිවේය යන අනියත බිය නිසාවෙනි,” යැයි එම මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

කෙසේවෙතත්, සතිපතා කෝටාව අවසන් වන දින අඟහරුවාදා දක්වා වෙනස්කිරීමෙන්, ඛනිජතෙල් සේවකයන් ඉරිදා දින සේවය කරමින් අනවශ්‍ය ලෙස ලබාගත් අතිකාල විශාල ප්‍රමාණයක් ඉතිරිකරගැනීමට හැකි වූ බවට පසුගියදා පැවසීමෙන්, ඇමතිවරයා පෙන්වා දෙන්නේ ඉරිදා දිනය සේවයේ නිරතවූයේ සේවකයන්ට අතිකාල ලබාගැනීමේ කූට අවශ්‍යතාවවක් නිසා බව ඔවුන් වැඩිදුරටත් පවසයි.

මෙමගික් ඇමතිවරයා මහජනතාව හරහා ඛනිජතෙල් සේවකයන් කෙරෙහි වෛරයක් ඇතිකිරීමට දරණ උත්සහය පිළිකුලෙන් හෙළාදකින බව ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමය කියා සිටියි.

ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය :

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved