Connect with us

පුවත්

ඉරානයේ හා ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට දැනුම්දීමක් 

Published

on

කලාපය තුළ උද්ගතවී ඇති වත්මන් තත්ත්වය සැලකිල්ල ගනිමින්, ඉරානයේ සහ ඊශ්‍රායලයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින්ට සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය උපදෙස් ලබා දෙයි.

පැය 24 පුරා විවෘත හදිසි සහාය සඳහා අමතන ලෙසද එම අමාත්‍යංශය ඉල්ලා සිටියි.

1. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක – කොළඹ

  • දුරකථන: +94 112 325 373/ +94 112 325 375/ +94 112 207 200/ +94 112 207 207
  • ෆැක්ස්: +94 112 446 091 / +94 112 333 450 / +94 112 430 220
  • විද්‍යුත් තැපෑල: [email protected]

2. ඉරානයේ ටෙහෙරාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
            • දුරකථන: +98 939 205 5161/ +98 991 205 7522 (සිංහල/ඉංග්‍රීසි)/ +98 936 636 0260

3. ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
            • දුරකථනය (WhatsApp පමණි): +94 71 844 7305/ +94 71 683 3513/ +94 71 974 2095

පුවත්

පාර්ලිමේන්තු සේවකයන්ගේ කැන්ටින් වර්ජන තග වැඩකරයි, බිල බහියි

Published

on

By

මෑතකදී වැඩි කෙරුණු පාර්ලිමේන්තු නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ මාසික කෑම බිල අඩු කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඊයේ (20)  තීරණය කර තිබේ.

මේ අනුව පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ රුපියල් හාරදහසක මාසික කෑම බීල රුපියල් තුන්දහසක් දක්වාද සාමාන්‍ය සේවකයන්ගේ රුපියල් 2500 කෑම බිල රුපියල් 2000 දක්වාද  අඩු කිරීමට කටයුතු කර ඇත.

පාර්ලිමේන්තු නිලධාරීන් සහ සේවකයන්ගේ කෑම බිල  මෑත භාගයේදී සංශෝධනය කෙරුණු තුන්වෙනි අවස්ථාව මෙය ලෙස සැලකේ.

නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ ඉල්ලීම අනුව එම මිල ගණන් මෙසේ අඩු කෙරුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

සියලු දීමනා කප්පාදු කර ඇති තත්වය යටතේ පාර්ලිමේන්තුවේ මාසික කෑම බිල දරාගත නොහැකි බව පවසමින්  එහි සේවකයෝ  පිරිසක් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර නොගන්නා බවට පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලිපියක් බාර දෙමින් පසුගියදා දැනුම් දුන්හ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික කෑම බිලද පසුගියදා වැඩි කෙරිණ.

Continue Reading

පුවත්

ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Published

on

By

හතරලියද්ද පොලිස් වසමේ වෙළෙඳසැලකට පැමිණි පුද්ගලයෙකු ව්‍යාජ රුපියල් 5000/- මුදල් නෝට්ටුවක් ලබාදීමක් සම්බන්ධයෙන් හතරලියද්ද පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන සිදුකර ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ. 
 
සැකකරු සන්තකයේ තිබී රුපියල් 5000/- ව්‍යාජ මුදල් නෝට්ටු 03ක්, රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 02ක්, රුපියල් 100 ව්‍යාජ මුදල් නොට්ටු 02ක් හමුවී ඇති බව පොලිසිය පවසයි. 
 
සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ රුපියල් 50 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 09ක්, ව්‍යාජ රුපියල් 100 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 04ක්, ව්‍යාජ රුපියල් 500 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 04ක්, ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 06ක් තිබී සොයාගෙන තිබේ. 
 
සැකකරු වයස අවුරුදු 32ක් වන උඩුව, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 
 
මෙම මව්‍යාජ මුදල් නොට්ටු මුද්‍රණය කල සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් ගලගෙදර ප්‍රදේශයේ පිහිටි ආයතනයකට ගොස් ඇති අතර, සැකකරු එම අවස්ථාවේ ආයතනයේ සිට නොමැති බවත්, මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් පරිඝණක යන්ත්‍රයක් හා මුද්‍රණ යන්ත්‍රයක් අත්අඩංගුවට ඇති බවත්, පොලිසිය පවසයි. 
 
හතරලියද්ද පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Continue Reading

පුවත්

මෛත්‍රීට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්

Published

on

By

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධව පැමිණිල්ලක් එප්පාවල සමූපකාර සමිතියේ උප සභාපති ලක්ෂ්මන් ජයවර්ධන විසින් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඉදිරිපත් කර තිබේ.

ඒ පසුගිය 2019 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල සමුපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක මුදලක් අවභාවිත කිරීමේ සිදුවීමක් අනුවය.

පැමිණිලිකරු සිය පැමිණිල්ල මගින් දන්වා ඇත්තේ එප්පාවල සමුපකාර සමිතිය මගින් 2017 වසරේදී සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ලක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කළ බවත් ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජනාධිපති ධුරය දැරූ 2019 වසරේ ජනවාරි මස එම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ බවත්ය.

ඊට අදාළ ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් එහි තිබූ කඩකාමර 07ක් කඩා ඉවත් කර ඇති බවත් එහි තිබූ වටිනා දොර, ජනෙල්, උළුවහු, සීට් ඇතුළු භාණ්ඩද අස්ථානගත වී ඇති බවත් උප සභාපතිවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

තවද උත්සව ශාලා ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් අදාළ ඉඩම ලබාගෙන තිබෙන බවත් ඒ සඳහා රුපියල් කෝටි 13ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබූ බවත් පෙන්වා දෙන පැමිණිලිකරු එම ගොඩනැගිල්ල ඉදිකිරීමට යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගැනීමට තීරණය කළ බැවින් රුපියල් හත් කෝටි හැත්තෑ තුන් ලක්ෂයකට මෙහි ඉදිකිරීම් ආරම්භ කළ බවත් සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.

ගොඩනැගිල්ල ඉදිකිරීම් ආරම්භ කිරීම වෙනුවෙන් පළමු අදියර යටතේ රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් ලබා දී තිබෙන බවත් මේ වන විට ගොඩනැගිල් ඉදිකිරීමේ කටයුතු අතරමග නතර වී තිබෙන බවත් සඳහන් කර ඇති පැමිණිලිකරු පෙන්වා දී ඇත්තේ මෙහි මුදල් අවභාවිත කිරීමක් සිදුව තිබෙන බැවින් අදාළ ගොඩනැගිල්ල ලබා ගැනීමට ප්‍රශ්නයක් වී ඇති බවය.

පැමිණිලිකරුවන ලක්ෂ්මන් ජයවර්ධන මහතා පැවසුවේ නව ගොඩනැගිල්ල ඉදිකිරීමට පෙර පැවැති කඩ කාමරවල තිබූ භාණ්ඩ කවුරුන් විසින් රැගෙන ගියේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් මේ සම්බන්ධව කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙස දන්වමින් තමන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved