Connect with us

පුවත්

ඉෂාරා අල්ලන්න පොලිස් කණ්ඩායම් 11ක්

Published

on

සංවිධානාත්මක පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව නැමැත්තා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය යැයි කියන 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 11ක් යොදවා රටපුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

තවත් පොලිස් කණ්ඩායමක් අවශ්‍ය කටයුතු සඳහා ඩුබායි රාජ්‍යයට පිටත්කර යවා ඇති බව අමාත්‍යවරයා සදහන් කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායම් දෙකක්ද එම මෙහෙයුමට සම්බන්ධ බවත්, මෙම සිද්ධියට සම්බන්ධ සහ එම ඝාතනය මෙහෙය වූ විදෙස්ගත පාතාල කල්ලි නායකයින් හැකි ඉක්මනින් මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවත් සුනිල් වටගල මහතා පවසයි.

මෙම සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට විදේශ රටකට පැන යාමට නොහැකි වී ඇති බවත් ඇය මෙරට තුළ සිටින්නේ යැයි තොරතුරු වාර්තා වන බවත් ඔහු පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 10ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගනිමින් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවත් ඩුබායි සිට මෙම ඝාතනය මෙහෙය වූ ආකාරය සහ කාන්තාව පසුගිය වසරේ නොවැම්බර් සිට වෙඩික්කරු සමග මිතුරු වී ඝාතනය සැලසුම් කළ ආකාරය ගැන තොරතුරු රැසක් පොලිස් විමර්ශන හරහා අනාවරණය වී ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

වෙඩික්කරු ලෙස අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටීම නිසා ඉතාමත් පහසුවෙන් වෙඩික්කරුවකු වශයෙන් එම ඝාතනයට පුහුණු කර ගැනීම පහසු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සහය දැක් වූ පොලිස් නිලධාරීන් සම්බන්ධව ද බුද්ධි අංශ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, ඩුබායි සිට ඝාතනය මෙහෙය වූ අපරාධ මිනීමැරුම් සම්බන්ධව පොලිස් නිලධාරීන්ගේ සම්බන්ධය සහ ඔවුන් එම පාතාල කණ්ඩායම් සාමාජිකයන් අතර තොරතුරු හුවමාරු කර ගත්තේ ද යන්න පරීක්ෂණ කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය වටගල මහතා වැඩිදුරටත් පවසා ඇත.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved