Connect with us

පුවත්

ඉළක්කයට ළඟා වූ රේගුව

Published

on

රේගුව වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් ට්‍රිලියන 1.38 ක බදු ආදායමක් වාර්තා කර තිබේ.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින්එ හි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා මේ බව පැවසීය.

ශ්‍රී ලංකා රේගුව මහජනතාවගේ පහසුව වෙනුවෙන් නව යෙදවුම් 2ක් හඳුන්වා දී තිබේ.

සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේ, ආනයන අපනයන නිශ්කාෂණය සහ ආනයනය කරන ලද රථ වාහනවල නීත්‍යානුකූල බව තහවුරු කර ගැනීමට එම යෙදවුම් නිර්මාණය කර ඇති බවය.

පුවත්

ඉන්දීය මහකොමසාරිස් හා නාමල් අතර හමුවක්!

Published

on

By

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා හා පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක හා පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (15) මහකොමසාරිස්වරයාගේ නිල නිවසේදී සිදුව තිබේ.

ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති, ආයෝජන, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන අනෙකුත් ක්ෂේත්‍ර වැනි බහුවිධ ගැටළු පිළිබඳව මෙහිදී අදහස් හුවමාරුකරගත් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නිල “X” ගිනුමේ සටහන්ව තිබේ.

https://twitter.com/IndiainSL/status/1879543874169012464

Continue Reading

පුවත්

නාවික හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක් හා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියෙක්

Published

on

By

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා ද, නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ මහතා ද පත්කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදුකර ඇති මෙම පත්වීම් 2024 දෙසැම්බර් 31 වැනිදා සිට බලාත්මකයි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා විසින් අදාළ පත්වීම් ලිපි අද (15) දිනයේදී ප්‍රදානය කර තිබුණි.

Continue Reading

පුවත්

චීනය සමග අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් කළා – විජිත (වීඩියෝ)

Published

on

By

අද (15) දිනයේදී ශ්‍රී ලංකාව හා චීනය අතර අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය – විජිත හේරත් මහතා පවසයි.

මෙම ගිවිසුම් මගින් මෙරට ආර්ථිකය, අධ්‍යාපනය, මාධ්‍ය හා සංස්කෘතියට ඉතා වැදගත් වන බව ඔහු වැඩිදුරටත් පවසයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශය මෙසේය :

(වීඩියෝ දසුන් : PMD)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved