පුවත්

“ඊළඟ රැලියේ දී ජනපති අපේක්ෂක කියනවා”

Published

on

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ  මීලඟ රැළියේදී තම ජනාධිපති අපේක්ෂකයා ගැන රටට කියන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය විසින් “දිනුම රටට එක්ව පෙරට” තේමාව යටතේ සංවිධානය කරන මහජන හමු මාලාවේ තෙවැන්න බදුල්ල වින්සන්ට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු අතර ඊට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහත්වරු රැළිය සංවිධාන කළහ.

මෙම රැළියට සහභාගී වූ  අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක යන මහත්වරු අදහස් පළ කළහ.

Trending

Exit mobile version