උත්සව හා රැස්විම් වලට යාමට මුදල් අමාත්‍යවරයා හා එම කාර්ය මණ්ඩලයට ගුවන් ගාස්තු ලෙස 2019 වසරේදී රුපියල් කෝටියකට ආසන්න මුදලක් එනම් 91,01,453ක් වැය කර ඇතැයි වාර්තා වේ.
මේ බව හෙළිව ඇත්තේ මුදල් අමාත්‍යංශය සම්බන්ධයෙන් 2018 – 2020 සඳහා සිදුකළ ත්‍රෛවාර්ෂික විගණන වාර්තාවකිනි.
මුදල් අමාත්‍යවරයාගේ කාර්ය භාරය සළකන විට දුර ගමන් සඳහා දිගු කාල වේලවෙක් ගතවන මහාමාර්ග හරහා ගමන් කිරිම ප්‍රායෝගිකව දුෂ්කර නිසාත් මෙම සංචාරයන් ඉතා හදිසි හා අත්‍යාවංශ්‍ය වීම නිසාත් හෙලිටුවර්ස් පෞද්ගලික සමාගම වෙතින් මෙම සංචාරයන් සඳහා ප්‍රවාහන පහසුකම් සළසා ගත් බව අමාත්‍යංශ නිලධාරින් විගණනයට වාර්තා කර තිබේ.
ගුවන් හමුදාවේ වෙළද සේවාවක් ලෙස “හෙලිටුවර්ස්” ක්‍රියාත්මක වේ.
මෙම වසරේ මුල් කාල වකවානුවේ එනම් නොවැම්බර් දක්වා පැවැතියේ යහපාලන ආණ්ඩුව වන අතර එහි මුදල් අමාත්‍යවරයා ලෙස දිවංගත මංගල සමරවීර මහතා කටයුතු කළ අතර ඉන් පසුව 2021 ජූලි 08 වැනිදා දක්වා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාය.
මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සම්පාදන, බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු, නිවාස හා ජල සම්පාදන, නගර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම්දෙනු ලැබුවේ 2019 නොවැම්බර් 22 වැනිදාය.
කෙසේවුවද, මේ වියදම කාගේ සමයේ සිදුවූවක්ද බවට නිශ්චිත වාර්තා නැතැයි ද මේ අතර වාර්තා වේ.