Connect with us

පුවත්

උණ්ඩියල් කෙරුමන්ගේ තොරතුරු හෙළිවෙලා; වැඩිපිරිස ව්‍යාපාරිකයෝ

Published

on

උණ්ඩියල් සහ හවාලා වැනි අවිධිමත් ක්‍රම හරහා විදේශ මුදල් හුවමාරු කරන පුද්ගලයන් 80 කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීමට ඒ සම්බන්ධයෙන් පසුගිය කාලයේ විමර්ශනය කළ පොලිස් කණ්ඩායම් සමත්ව ඇතැයි වාර්තා වේ.

මේ ව්‍යාපාරයේ යෙදී සිටින අයගෙන් වැඩි පිරිසක් මුස්ලිම් ව්‍යාපාරිකයන් බවද පැවසේ.

ඉන් දෛනිකව ඇමරිකානු ඩොලර් 50,000ක් පමණ හුවමාරු කරණ අයකු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අදාළ පුද්ගලයා කුකුල් මස් ව්‍යාපාරිකයකු බවත් මේවන විට හෙළිකරගෙන ඇති බව පැවසේ.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් මැණික් වෙළදාම සදහා ලබාදී ඇති බලපත්‍රයක් අව භාවිත කරමින් අදාළ අය මේ කටයුතු කරන බව ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළිකර ගැනීමට හැකි විය.

ක්‍රිප්ටෝ කරන්සි භාවිතා කරමින් ඔවුන් අදාළ උණ්ඩියල් සහ හවාලා වැනි අවිධිමත් ක්‍රම හරහා විදේශ මුදල් හුවමාරු කරන බවද මේවන විට හෙළිව තිබේ.

එසේම මේ ව්‍යාපාරිකයා කලකට ඉහතදී කුවේට්හි වාසය කර ඇති අතර එහි මොහු සම්බන්ධයෙන් මූල්‍ය විමර්ශනයක් පැවැත්වෙමින් තිබියදී ඔහු ලංකාවට පැණවිත් ඇතැයි ද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඊට අමතරව මුදල් හුවමාරු කරනු ලබන කැළණිය, වත්තල, දෙමටගොඩ හා අලුත්කඩේ යන ප්‍රදේශවල පුද්ගලයන් පස්දෙනෙකු සම්බන්ධයෙන්ද තොරතුරු පොලිසිය සොයමින් සිටින බව වාර්තා වේ.

ඩොලර් මිලියන 10ක් ‌දිනපතා උණ්ඩියල් වෙනවා

හවාලා සහ උණ්ඩියල් ක්‍රම මඟින් ඩොලර් මිලියන දහයකට අධික මුදලක් දෛනික ව මෙරටට ලැබෙන බවට කරුණු අනාවරණය වෙමින් ඇතැයි මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මූල්‍ය බුද්ධි ඒකකය පවසයි.

ඉතාලිය, ඩුබායි, එංගලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව මෙන් ම යුරෝපා සංගමයට අයත් රටවල් බොහොමයක සිටත් මෙම නීති විරෝධී ක්‍රම මඟින් මුදල් ගනුදෙනු සිදු වන බව එහි දී තොරතුරු අනාවරණය ව ඇත.

කොහොමද මේක වෙන්නේ…

බොහෝ රටවල විසිරී සිටින පුද්ගලයන්ගෙන් සැදුම්ල ත් ජාලයක් හරහා ක්‍රියාත්මක වන උණ්ඩියල් සහ හවාලා යනු බැංකු හෝ වෙනත් විධිමත් ආයතනයක මැදිහත් වීමකින් තොර ව රටවල් දෙකක් හෝ කිහිපයක් අතර මුදල් හුවමාරු කිරීමේ ක්‍රම වේ.

උදාහරණයක් ලෙස A (මුදල් යවන්නා), B ( A ජීවත් වන රටේ උණ්ඩියල් හෝ හවාලා තැරැව්කරු), C (මුදල් ලබන්නා ජීවත් වන රටේ උණ්ඩියල් හෝ හවාලා තැරැව්කරු), සහ D (මුදල් ලබන්නා) යනුවෙන් පුද්ගලයන් සිවු දෙනෙක් ගනිමු. ඉන් A සහ B එක රටකත්, C සහ D තවත් රටකත් ජීවත් වේ. මෙහිදී  A, D ට යැවීමට අවශ්‍ය මුදල B ට ලබා දෙයි. පසුව, B, A එවන මුදල ලබා ගැනීම C ට ලබා දෙයි. C, එම මුදල අදාළ රටේ මුදල් ඒකකයෙන් D ට ලබා දෙයි. B, D ජීවත් වන රටේ පවත්වාගෙන යන සිය බැංකු ගිණුමක තිබෙන තැම්පතුවලින්, C වැනි පුද්ගලයකුගේ මැදිහත් වීමෙන් තොරව අදාළ මුදල D ට ලබා දෙන අවස්ථා ද ඇත.

කිසිදු ලිපි ලේඛනයක් හෝ වෙනත් ආකාරයක සටහන් කිරීමකින් තොර ව රහස් කේතයක් (Password) හෝ විස්තරයක් මත පදනම් ව සිදු වන මෙම ගනුදෙනු හුදෙක්ම විශ්වාසය ඉදිරියට යන්නකි. 

මෙම ගනුදෙනුවලදී දේශ සීමා හරහා භෞතික ව මුදල් හුවමාරුවක් සිදු නොවන අතර, බැංකුවක් හෝ වෙනත් බලයලත් මුදල් හුවමාරු කරන ආයතනයක මැදිහත් වීමක් ද එහිදී සිදු නොවේ.

පොලිසියෙන් විශේෂ ඒකකයක්

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආර්ථික අර්බුදය වඩාත් උග්‍ර වීමට රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයේ සැලකිය යුතු අඩු වීම ප්‍රධාන හේතුවක් බව ශ්‍රී ලංකා මහ බැංකුව හඳුනාගෙන ඇත. 

බැංකු පද්ධතියෙන් පරිබාහිර ව උණ්ඩියල් සහ හවාලා වැනි ක්‍රම භාවිතයෙන් විදෙස් මුදල් මෙරටට එවීම විදේශ විනිමය ප්‍රමාණය අඩු වීමට බලපා ඇති කරුණකි. 

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් සහ, මහ බැංකුවේ අධිපතිවරයාගේ ඉල්ලීම පරිදි එවැනි ක්‍රම ඔස්සේ මුදල් හුවමාරු කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය යටතේ විශේෂ පොලිස් ඒකකයක් පත් කිරීමට පොලිස්පතිවරයා පසුගියදා පියවර ගෙන තිබිණි.

පුවත්

යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

Published

on

By

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දුන්නේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ මෙම අධි චෝදනා භාරදීම සිදුවුණි.

ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියම කළේය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට සමාන්තර තවත් නඩුවක් අංක එක මහාධිකරණයේ ලබන 11 වනදා කැඳවීමට නියමිත බව සඳහන් කළේය.

එම නඩුවේ ලේඛන හා මෙම නඩුවේ ලේඛන එක හා සමාන බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා අදාළ ලේඛනවල යම් අඩුපාඩුවක් තිබේ නම් ඒවා තමන්ට දැනුම් දෙන ලෙස විත්තියේ නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් අධිකරණය හමුවේ පැවසුවේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි සම්පත් මෙන්ඩිස් සහ අනිල් සිල්වා යන ජනාධිපති නීතිඥවරු කියා සිටියේ අදාළ ලේඛන පරීක්ෂා කර යම් අඩුපාඩුවක් තිබේ නම් අධිකරණයට දැනුම් දෙන බවය.

ඉන් අනතුරුව මෙම නඩුව අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.

2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ අනීතික ලෙස උපයාගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved