Connect with us

පුවත්

උත්සව සමයට විශේෂ ප්‍රවාහන සේවාවක්

Published

on

උත්සව සමය නිමිත්තෙන් අමතර බස්රථ සහ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනයට එක්කර ඇති බව ප්‍රවාහන අංශ පවසයි.

ඒ අනුව විශේෂ බස් රථ සේවාවක් හෙට (24) සිට ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ උත්සව සමය අවසන් වනතුරු සෑම දිනකම අමතර බස්රථ 50ක් ධාවනයට එක් කර ඇති බවය.

එමෙන්ම අවශ්‍ය වුවහොත් අතිරේක බස්රථ යෙදීම සඳහා සියලුම ඩිපෝ කළමනාකාරවරුන් දැනුවත් කර ඇති බවත් ඔහු පැවසීය.

තවද අධිවේගී මාර්ගයේ ධාවන වන බස්රථ ප්‍රමාණයද වැඩි කර ඇති බවත් නැවත ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ පැමිණීම සඳහා අවසන් සතියේ සඳුඳා දින බස් සේවාවක් ක්‍රියාත්මක බවද ඔහු පැවසීය.

මේ අතර උත්සව සමය හේතුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ද ධාවනයට එක් කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ ඉඳිපොලගේ මහතා පැවසුවේ 27 වැනි දින රාත්‍රී බදුල්ල දක්වා විශේෂ දුම්රියක් සහ කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් යොදවා ඇති බවය.

තවද දෙසැම්බර් 28 වැනි දින උදෑසන බදුල්ල දක්වා විශේෂ දුම්රියක් සහ 29 වැනි දින රාත්‍රියේදී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියකුත් යෙදවීමට කටයුතු කර ඇති බවය. 

මීට අමතරව යාපනයේ දක්වා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් මෙන්ම යාල් දේවී සීඝ්‍රගාමී දුම්රියට අමතර මැදිරි එක් කර ධාවනයට යෙදවීමට පියවර ගෙන ඇති බවය.

පුවත්

හල්ලොලුව යළි රිමාන්ඩ්

Published

on

By

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ජුනි මස 04 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම අධිකරණයේ පවතින නඩුවකට අදාළවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මහින්ද විශ්‍රාම ගනී.. ADB හි නව තනතුරකට

Published

on

By

වත්මන් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙම මස අගදී මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් විශ්‍රාම ගන්නා බවත්, ඉන් පසු ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩ භාර ගැනීමට නියමිත බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (02) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති ‘ජාතික බදු සතිය’ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ;

“මහින්ද සිරිවර්ධන මහතා පැවසූ පරිදි, මෑත ඉතිහාසයේ සහ ලෝක ඉතිහාසයේ බදු අඩු රාජ්‍යයක් බවට අපි පත්වුණා. එය නැවත සාධාරණ බදු පද්ධතියකට පරිවර්තනය කිරීම සඳහා, ආයතනික හා නීතිමය ප්‍රතිසංස්කරණ රැසක් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් ඉටු කරන ලදී…..

මේ මස අගදී එතුමා මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් විශ්‍රාම යනවා. ඉන් පසු, එතුමා ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක් නියෝජනය කරමින් වැඩ භාර ගැනීමට නියමිතයි.

මේ අවස්ථාවේදී, බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී එතුමා ඉටු කළ විශේෂ කාර්යභාරය වෙනුවෙන්, මහින්ද සිරිවර්ධන මහතාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ සේවය අපි ඉහළින් අගයනවා”

Continue Reading

ක්‍රීඩා

චීනයෙන් ලංකාවට මකර බෝට්ටු 5ක් (ඡායා)

Published

on

By

චීනය විසින් ශ්‍රී ලංකාවට මකර බෝට්ටු 5ක් ලංකාවට ප්‍රදානය කර තිබේ.

මෙම ප්‍රදානය කිරීම පසුගිය 31 වැනිදා දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැත්වුණු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලිය අතරතුරදී සිදුවිය.

මෙරට චීන තානාපති කාර්යාලය හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය විසින් පැවැත්වූ මෙම තරගාවලිය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකාවේ කැනූඉං සහ කායැකිං ජාතික සංගමය, කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් සමාගම, මෙරට පවතින චීන වාණිජ මණ්ඩලය හා Sri Lanka Overseas Chinese Association විසිනි.

පාසැල් හා විශ්ව විද්‍යාල කණ්ඩායම් මෙන්ම ක්‍රීඩා සමාජ, ආරක්ෂක අංශ හා චීන කණ්ඩායම් ද මීට එක්විය. මොවුන් අතරට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඇතුළත් කණ්ඩායම් 05ක් යාපනයෙන් ද එක්වීම සුවිශේෂී විය.

මකර බෝට්ටු 5ක් ලංකාවට ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පුද කළ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙය හුදෙක් ක්‍රීඩා තරගාවලියක් පමණක් නොව දෙරට අතර මිත්‍රත්වය, සංස්කෘතිය හා සහයෝගීතාවයේ ප්‍රබල සංකේතයක් බවයි.

මෙහිදී අදහස් දැක්වූ චීන තානාපති – චී ජන්හොංග් මහතා පවසා සිටියේ මෙම ශූරතාවය, දෙරට අතර ක්‍රීඩා හා සංස්කෘතික හුවමාරුවන් තවදුරටත් ගැඹුරු කිරීමටත් දෙරට ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය වැඩි දියුණු කිරීම සඳහා නව ආරම්භක ලක්ෂ්‍යයක් වන බවයි.

ශ්‍රී ලංකාවේ කැනූඉං සහ කායැකිං ජාතික සංගමයේ සභාපති – රියර් ඇඩ්මිරල් එච්.එන්.එස්. පෙරේරා මහතා පැවසූවේ මෙම අවස්ථාව සම්ප්‍රදාය හා නූතනත්වය අතර පාලමක් බඳු බවයි.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය – සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, චීන තානාපති – චී ජන්හොංග් යන මහතුන් අතින් ජයග්‍රාහකයන් හට කුසලාන සහ සහතික පත්‍ර පිරිනැමුණි.

පිරිමි හා කාන්තා විවෘත අංශ වල ජයග්‍රහණය ලැබීමට පිළිවෙලින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා කොළඹ විශාඛා විද්‍යාලයේ කණ්ඩායම් සමත් වූ අතර, කණිෂ්ට කාන්තා අංශයේ ජයග්‍රහණය හිමිවූයේද විශාඛා විද්‍යාලයටයි.

මේ අතර, කණිෂ්ට පිරිමි අංශයේ ජය හිමිවූයේ යාපනයේ තම්පඩ්ඩි රජයේ දෙමළ මිශ්‍ර පාසලේ කණ්ඩායමටයි.

මාස්ටර්ස් කාන්තා අංශයේ ජය සීලෝං කණ්ඩායමටත්, මිශ්‍ර අංශයේ ජය සබරගමු විශ්ව විද්‍යාලයේ කණ්ඩායමටත් හිමිවිය.

(ඡායා : ශානිකා ජයසේකර)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved