Connect with us

පුවත්

උතුරුමැද පාසල් ගුරුවරුන්ට ටියුෂන් තහනමක්

Published

on

උතුරු මැද පළාතේ පාසල්වල සේවය කරන විදුහල්පතිවරුන්ට,ගුරු උපදේශකවරුන්ට හා ගුරුවරුන්ට මුදලට උපකාරක පංතිවල සේවය කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කරමින් උතුරු මැද ප්‍රධාන අමාත්‍යාශ ලේකම් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

උතුරු මැද ප්‍රධාන අමාත්‍යාංශයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, සියලුම කලාප අධ්‍යක්ෂකවරුන්ට,කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට හා පාසල් විදුහල්පතිවරුන්ට මේ බව දන්වා තිබේ.

උතුරැ මැද පළාතේ පාසල්වල සේවය කරන ඇතැම් විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් හා ගුරුවරුන් තම පංතියේ හා පාසලේ ඉගෙනුම ලබන දරැවන් ගෙන් මුදල් අයකර ගෙන පාසල් වේලාව තුළ, පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත දිනවල පුද්ගලික උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ පවත්වන බවට නිරන්තරයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බවත් එම චක්‍රලේකයේ සඳහන් වේ.

එසේම ඇතැම් ගුරුවරුන්, විදුහල්පතිවරුන් පාසල තුළ ඉගැන්විම් කටයුතු නිසි පරිදි සිදු නොකරන බවටත්, තම පුද්ගලික උපකාරක පංතිවලට හා සම්මන්ත්‍රණවලට සහභාගි නොවන දරුවන් තම පාසලේදි හා පන්ති කාමරයේදි නොසලකා හරිමින් විවිධ කායික හා මානසික හිංසනයන්ට හා පිඩාවන්ට ලක්කරමින් සිටින බවත් වාර්තා වී තිබේ.

ඒ අනුව, උතුරැ මැද පළාතේ පාසල් දරුවන් ගෙන් මුදල් අයකර ගනිමින් පාසල් වේලාව තුළ, පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත දිනවල පුද්ගලික උපකාරක පංති හා සම්මන්ත්‍රණ පැවැත්විම සම්පුර්ණයෙන්ම තහනම් කරන බවත් එම චක්‍රලේඛයේ සදහන් වේ.

උතුරැ මැද ප්‍රධාන අමාත්‍යාංශයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා විසින් එම චක්‍රලේඛයෙන් වැඩිදුරටත් දන්වා ඇත්තේ, මෙම චක්‍රලේඛයේ උපදෙස් වලට කටයුතු නොකරන ගුරුවරුන්, ගුරු උපදේශකවරුන් හා විදුහල්පතිවරුන්ට විරුද්ධව දැඩි විනයානුකුල  ක්‍රියාමාර්ගයක් ගන්නා බවය.

පුවත්

“සංවිධායකකමින් ඉවත් වුනාට පක්ෂය හැර යන්නේ නෑ”

Published

on

By

තමා සමගි ජන බලවේගයේ මොරටුව සංවිධායක ධූරයෙන් ඉවත්වූයේ පසු පෙළ අයට අවස්ථාව දීමට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි.

සමගි ජන බලවේගයෙන් කිසිදා ඉවත් නොවන බවද තමන් උත්සහ කළේ සම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී සැම දා තනතුරුවල රැදී නොසිටිමින් නවකයන්ට අවස්ථාව ලබ දීමට බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මෙරටේ සෑම අවස්ථාවකම සිදු වන්නේ දේශපාලනඥයන් කොපමණ ඉදිරියට ගියද තමන්ගේ තනතුරු රැක ගනිමින් නවකයන්ට අවස්ථාව නොදී සිටීම බවත් තමන් මෙම තීරණය ගත්තේ අනෙක් දේශපාලනඥයන්ට ද පුර්වාදර්ශයක් ලබාදීමට බවද කියා සිටියේය.

ඇතැම් අවස්ථාවලදී ජනාධිපතිවරුන්ව සිටී පුද්ගලයන් නැවත මන්ත්‍රීවරුන් වී පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් ඔවුන් පක්ෂ නායකත්වය පවා අත්නොහැර ඒවා රැක ගැනීමට උත්සහ කරන අවස්ථාවක තමන් සංවිධායක ධූරයෙන් ඉවත් වූයේ නව දේශපාලන සම්ප්‍රදායක් ඇති කිරීමට බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading

පුවත්

‘මල්ලිගේ වැඩ නිසා අවුරුදු 2කින් ගෙදර ගියෙත් නෑ’

Published

on

By

සහෝදරයාගේ මූල්‍ය වංචා සිද්ධි නිසා වසර දෙකකින් තමන්ට නිවෙසට යෑමට නොහැකි වී ඇති බවත් මේ වන විට තම නිවෙස ගරා වැටී ඇති බවත් හිටපු ඇමැති, මනූෂ නානායක්කාර මහතා පැවසීය.

හිටපු ඇමැතිවරයා පැවසුවේ තමන් මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගියේද වෙනත් ස්ථානයක සිට බවයි.

සහෝදරයාගේ මූල්‍ය වංචා පිළිබඳව මුල්වරට හෙළි කළේ තමා බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ දා සිට ඔහු සමඟ පැවැති හිතවත්කම් ද අත්හැරිය බවත් හිටපු ඇමැති මනූෂ නානායක්කාර මහතා පැවසුවේය.

එක කුස ඉපදුණත් පුද්ගලයන් එකිනෙකාට වෙනස් බවද නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය.

දිනමිණ

Continue Reading

පුවත්

විශේෂ නියෝජිත පිරිසක් හා විපක්ෂනායක අතර හමුවක්

Published

on

By

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පසුගියදා (12 )  පැවැත්විණි.

මේ හමුව සඳහා IAPP හි ආසියා පැසිෆික් සභාපති ගරු Ek Nath Dhakal මහතා සහ UPF (UN/ECOSOC) හි සභාපති ආචාර්ය Chang Shik Yang මහතා සහභාගී වී ඇත.

මෙහි දී අප රටේත් කලාපයේත් ආර්ථික, දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීම සිදුව තිබේ.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා ද එක්ව ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved