Connect with us

පුවත්

උතුරේ ඉඩම් අක්කර 109ක් හෙට යළි මුල් පදිංචිකරුවන්ට

Published

on

සිවිල් යුද සමයේ ආරක්ෂක අංශ භාවිතයේ පැවති යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර 109කට ආසන්න ප්‍රමාණයක් යළි මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම හෙට (03) සිදු කෙරේ.

පෙබරවාරි 04 වනදාට යෙදෙන 75 වන නිදහස් දින සැමරුමට පෙර උතුරේ ඉඩම් නිදහස් කර මුල් පදිංචි කරුවන් වෙත බාර දෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් පොරොන්දුව ඉටු කරමින් ආරක්ෂක අංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

මෙසේ බාර දෙනු ලබන බිම් කොටස් අතර යුද හමුදාව භාවිතයේ පැවති බිම් කොටස් 05ක් සහ නාවික හමුදාව භාවිතයේ පැවති එක් බිම් කොටසක් ද වන අතර අදාළ ඉඩම් හිමිකරුවන් හඳුනා ගැනීම විනිවිදභාවයෙන් යුතුව සිදු කෙරිණි.

යුද්ධය හේතුවෙන් අවතැන් වී තවමත් පේදුරුතුඩුවේ කඳවුරු 09ක රැඳී සිටින පවුල් 75ක් සඳහා උතුරු පලාලි ප්‍රදේශයෙන් රජය සතු ඉඩම් අක්කර 13ක් බෙදා දීමට නියමිතය.

මෙසේ නිදහස් කරනු ලබන භූමි ප්‍රදේශයේ පිහිටි නගර සභා ශාලාව වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවට බාර දීම ද හෙට සිදු කෙරේ.

මේ අතර නැවත පදිංචි කිරීමට නියමිත පවුල් 197කට නැවත පදිංචි කිරීමේ ආධාර කඩිනමින් ලබාදෙන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත පදිංචි කිරීමේ විෂය භාර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.

පුවත්

ඩයනා අධිකරණයට බාරවෙයි

Published

on

By

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සැකකාරියක ලෙස නම් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණය බාරවීම සඳහා මීට සුළු මොහොතකට පෙර පැමිණියාය.

සිය නීතිඥයින් මගින් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට බාරවීමට පැමිණි බව ඇගේ නීතීඥයන් විසින් පවසන ලදී.

තම සේවා දායකයා කිසිවිටෙකත්  වහන් වී නැති බවද රහස් පොලිසිය මගින් ඇයව සොයන බවට මාධ්‍ය ඔස්සේ දුටු නිසා අධිකරණයට පැමිණි බව ද නීතීඥවරුන් වැඩිදුරටත් කියා ඇත.

Continue Reading

පුවත්

වැස්සෙන් දුම්රිය ධාවනයට බාධා

Published

on

By

දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ මුන්දලම සිට පුත්තලම දක්වා මාර්ගය ජලයෙන් යට වීමෙන් දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද ( 21)  අලුයම සිට පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට බංගදෙනිය දක්වා සීමා කර ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය.

කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ දැනට දිනකට කොළඹ සිට පුත්තලම දක්වා දුම්රිය හතරක් ද පුත්තලම සිට කොළඹ දක්වා දුම්රිය හතරක් ද වශයෙන් ධාවනය කෙරේ.

Continue Reading

පුවත්

යුද හමුදා සාමාජිකයින් 15,667ක් නීත්‍යානුකූලව ඉවතට

Published

on

By

නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට යුද හමුදා සාමාජිකයින්ට ලබාදී තිබූ මාසයක පොදු සමා කාලය ඊයේ (20) දිනයෙන් අවසන් වුණි.

එම කාල සීමාව තුළ සාමාජිකයින් 15,667ක් නීත්‍යානුකූල ලෙස සේවයෙන් ඉවත් වූ බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කරයි.

2023 දෙසැම්බර් 31 වන දින සහ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකරන ලද යුද හමුදා සමාජිකයින් සඳහා මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කරන ලදී.

ඉහත කාලසීමාව තුළ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර දැනට විදේශගතව සිටින යුද හමුදා සමාජිකයින් 373 දෙනෙකු සඳහා ද නීත්‍යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත්වීමට කටයුතු සලසා දී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved