Connect with us

පුවත්

උතුරේ සැමරුම් ගැන බොරු පුවත් මවලා

Published

on



උතුරේ මහවිරු සැමරුම් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇත්තේ පසුගිය වසරවල වෙනත් රටවලදී සිදුකළ උත්සවල ඡායාරූප බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

ඔහු පැවසුවේ අනුර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව උතුරේ එල්.ටී.ටී.ඊ සැමරුම් පැවැත්වීමට ඉඩ ලබාදුන් බවට ඇතැමුන් ඒත්තු ගැන්වීමට කටයුතු කරන බවය.

ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේ දී යම්කිසි දේශපාලන පක්ෂයක් විසින් මෙවැනි දේ සිදුකරන බවට තහවුරු වූ බවත්, ඒ සම්බන්ධයෙන් පොලීසිය විසින් පුද්ගලයින් කිහිපදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

“පසුගිය දිනවල මහා විරූ සැමරුම් පිළිබඳ කතාබහ සමාජයේ නිර්මාණය වුණා.මියගිය ඥාතීන් සිහිපත් කිරීමට අයිතියක් තිබෙන බවට අප පිළිගන්නවා. එහෙත් එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක් බැවින් එම සංවිධානයට අයත් කොඩි ප්‍රදර්ශනය කරමින් සැමරුම් කරන්නට ඉඩක් නැති බවට මා කළ ප්‍රකාශයක් විකෘති කරමින් සාවද්‍ය අර්ථයක් එන ලෙස ප්‍රකාශයට පත්කර තිබුණා.ඒ ගැන මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා.ඊට විමර්ශන කෙරෙනවා.උතුරේ සැමරුම් උත්සව 244 ක්  පැවැති බවත් ඉන් දහයක යම් සංකේත ප්‍රදර්ශනය කර තිබූ බවත් පොලිසිය පවසනවා.ඒ ගැන පොලිසිය නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.උතුරෙහි පැවැත්වෙන සැමරුම් උත්සව පාදක කරගෙන සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන විකෘති ප්‍රතිචාරයන් විශාල ප්‍රමාණයක් සංසරණය වුණා. උතුරේ පැවැත්වූයේ යැයි ඒත්තු ගැන්වෙන අයුරින් පසුගිය වසර වල පැවැත් වූ එල්ටීටීඊ සැමරුම් වල ඡායාරූප උපයෝගී කර ගනිමින් පළ කර තිබුණා.එම ඡායාරූප අන්තර්ජාලයෙන් බා ගත කර තිබෙනවා.සමහර ඒවා විදේශ විදේශවල පැවැත්වූ උත්සව.දකුණේ සමාජ මාධ්‍ය මෙහෙයවන සංවිධානාත්මක පිරිසක් ජාතීන් අතර අසමඟිය නිර්මාණය වෙන අයුරින් මේ ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කර තිබෙනවා.”

උතුරේ එක් පුද්ගලයෙක්. බද්දේගම පදිංචි පුද්ගලයෙක් ඉහත චෝදනා යටතේ නොවැම්බර් 29 අත්අඩංගුවට ගෙන දෙසැම්බර් 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මීට අමතරව විදෙස් රටවල ඡායාරූප යාපනේ පැවැත්වූ බවට පෙන්වමින් ජනතාව නොමඟ යැවීමට කටයුතු කළ මරදාන ප්‍රදේශයේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇප මත මුදාහැර තිබෙනවා. ඊළඟට බොරලැස්ගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. ඔහු දකුණේ සිලින්ඩරයේ ලකුණින් ඡන්දය ඉල්ලූ පුද්ගලයෙක්. ඔවුන් සංවිධානාත්මකව රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින්, උතුර – දකුණ නැවත ගැටුමකට පසුබිම සකස් කිරීමේ ව්‍යාපාරයක අපිට හඳුනාගන්න පුළුවන් ඔවුන්ගේ වෛරීය ප්‍රකාශ හරහා. විශේෂයෙන්ම අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකුම සිලින්ඩරේ ලකුණින් ක්‍රියාකාරීන් විදියට ඉන්නවා. මේ ගැන විමර්ශනයක් කරා සමාජ මාධ්‍ය හරහා මේවා වැඩි වශයෙන් ප්‍රචාරය කළේ කවුද කියලා. බොහෝ දේශපාලන කණ්ඩායම් මේවාට සම්බන්ධ බවට තොරතුරු තියෙනවා.”

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved