Connect with us

පුවත්

උදුල් ඇතුළු 22කට නිදහස

Published

on

පොදු දේපොළ පනත යටතේ චෝදනා ලබා සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ඇතුළු විත්තිකරුවන් 22 දෙදෙනෙක් නිදොස් කොට නිදහස් කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (23) එම නියෝගය ලබා දී තිබුණි.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විනිසුරුවරයා සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි මෙම නඩු විභාගයේ දී ඉදිරිපත් නොවූ බවය.

ඒ අනුව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා සඳහන් කර ඇත.

2010 වසරේ ඔක්තෝබර් මස 14 වනදා කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකොට එහි දේපොළවලට අනර්ථයක් සිදුකළේ යැයි චෝදනා කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ඇතුළු විත්තිකරුවන් 22 කට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපොළ පනත යටතේ මෙම නඩුව පවරා තිබුණි.

(අදදෙරණ)

පුවත්

මෙරට ප්‍රංශ තානාපති අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිල නිවස තුළදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Jean Francois Pactet මහතා මියයන විට 53 හැවිරිදි වියේ පසුවිය.

දේහය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.

Continue Reading

කලා

ආනන්ද පෙරේරා දිවිගමනට සමුදෙයි!

Published

on

By

මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු හා ගායකයකු වූ ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 67 හැවිරිදි වියේ පසුවිය.

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහශක්ති සංගීත කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ඔහු විසිනි.

Continue Reading

පුවත්

“රාජපක්ෂලා එක්ක ඩීල් නොදැම්මේ සජබ විතරයි”

Published

on

By

රට විනාශ කළ රාජපක්ෂවරුන් සමග ඩිල් නොදැමූ එකම පක්ෂය සමගි ජන බලවේගය පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මෙම අදහස් පල කළේ, සජිත් ජනපති කරන, ජන බලය ගොඩ නගන ජන පවුර යන මැයෙන් සමගි ජන බලවේගය සංවිධාන කළ ජන රැළියට පොළොන්නරුව – කදුරුවෙළ නගරයේදී ඊයේ (25) එක්වෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ නන්දසේන හේරත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් මහලේකම් සහ ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී සමන්ත බණ්ඩාර විපක්ෂ නායක සජිත්ප්‍රේමදාසට සහය පළ කරමින් මෙහිදී සමගි ජන බලවේගය සමග එක්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු සමගි ජන බල වේගය නියෝජනය කරන විශාල පිරිසක් මෙම රැලිය සඳහා එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved