Connect with us

පුවත්

උප්පැන්න, විවාහ සහ මරණ ලේඛන සහතික පිටපත් නීති වෙනස් කරයි

Published

on

උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනවල සහතික පිටපත් මාස 06කට පසු අවලංගු වන බවට පැවැති රෙගුලාසි ඉවත් කර ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල්    දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මින් පසුව සහතික පිටපතක් නිකුත් කළ පසු ඒවා අවලංගු නොවේ.

මීට පෙර සහතික කරන ලද ලේඛන වලංගු වූයේ  මාස 6ක කාලයක් සඳහාය.

නිකුත් කරන ලද ඕනෑම සහතිකයක සහතික පිටපතක් පවතී නම් නව පිටපතක් ලබාගැනීමේ අවශ්‍යතාවක් මතුනොවන බවද එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන, විදේශ යන අමාත්‍යංශවලටත් ආගමන විගමන හා පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවටත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේ.

කෙසේවෙතත් යම් අවස්ථාවක දී උප්පැන්න විවාහ සහ මරණ ලේඛනයක සංශෝධනයක් සිදුකර ඇත්නම් පමණක් නව පිටපතක් ඉදිරිපත් කිරීම සිදුකළ යුතු බවද රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

පුවත්

ජනපතිට අනතුරක් තියෙනවා – සුනන්ද දේශප්‍රිය

Published

on

By

ජනපතිට අනතුරක් ඇතැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා කියයි.

ඒ මහතා රජයේ සිළුමිණ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව පවසා තිබේ.

තාජුඩීන් ප්‍රගීත් එක්නැලිගොඩ වගේ සිදුවීම් නිසා බෙල්ල හිරවෙන අය ඕනම දෙයක් කළ හැකි බවද දේශප්‍රිය මහතා එහිදී පවසා ඇත.

එහිදී, මාධ්‍යවේදී තාරක වික්‍රමසේකර මහතා, “ඔබ සමාජ මාධ්‍ය නාළිකාවට කියා තිබුණා ජනාධිපතිවරයාට අනතුරක් තියෙන බවක්…” යනුවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලෙස සුනන්ද මහතා මෙසේ පවසා ඇත.

ඔව් අනිවාර්යෙන්ම අනතුරක් තියෙන්න පුළුවන්, සුසමාදර්ශී වෙනසක් කරන්න යන අවස්ථාවන්හිදී එවන් අනතුරු තියෙනවා. ප්‍රභූ පන්තියෙන් බලය ඉවතට යාමෙන් එවන් අනතුරු ඇතිවෙනවා. බණ්ඩාරනායක මහත්තයට වෙඩි තියල ඝාතනය කරපු බව අපි දන්නවනෙ. ඒ වගේ ස්නයිපර්කරුවකු යොදා ගන්න එක අසීරු දෙයක් නෙමෙයි. අද පාතාලය කියන්නෙ සන්නද්ධ හමුදාවක් කියන එක අපි අමතක නොකළ යුතුයි. කෝටියක් දෙකක් දීල රට පනින්න ටිකට් එකක් හදල දුන්නහම ඕන දෙයක් කරව ගන්න පුළුවන්. අද දේශපාලනය ධන උත්පාදන මාර්ගයක් වෙලා තියෙන්නෙ. අපිත් එක්ක ප්ලේන්ටිය ගගහ හිටපු අය දේශපාලකයො වුණාට පස්සෙ ගිහින් බැලුවහම වෙනස පැහැදිලියි. ඒ අයගෙ ගෙවල් මාලිගා වගේ. ඒ නිසා අපි කලින් තකා කරපු තාජුඩීන් ප්‍රගීත් එක්නැලිගොඩ වගේ සිදුවීම් නිසා බෙල්ල හිරවෙන අය ඕන දෙයක් කරන්න පෙළඹෙන්න පුළුවන්. ඒ අනතුර අනිවාර්යෙන්ම තියෙනවා. සුළු කොට තකන්න බැහැ.

Continue Reading

පුවත්

වරායේ ස්ථාන මාරුව මැතිවරණ කොමිසම අත්හිටුවයි

Published

on

By

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ළමනාකරණ අධ්‍යක්ෂක තනතුර සඳහා නව කළමනාකරන අධ්‍යක්ෂකවරයකු පත්කර ඇති අතර එම තනතුරේ දැනට සේවය කරන ප්‍රභාත් ජේ. මලවිගේ මහතාට තනතුරින් වහාම ඉවත් වන ලෙස දන්වා පැමිණිල්ලක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක මැතිවරණ කොමිෂන් සභාවේ පූර්ව අනුමැතියකින් තොරව සිදුකර ඇති මෙම ස්ථාන මාරුව වහාම අත්හිටුවා ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් දින තුනක් ඇතුලත ලබා දෙන ලෙස දන්වා ප්‍රවාහන, මහා මාර්ග ,වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇතැයි වාර්තා වේ.

Continue Reading

පුවත්

යුක්රේන්, ඉන්දු හා බල්ගේරියන් සයිබර් අපරාධ සෙට් එකක් ලංකාවට බැහැලා

Published

on

By

මෙරටට ඇතුළු වී සයිබර් අපරාධ සිදු කරන යුක්‍රේන, ඉන්දියා සහ බල්ගේරියන් ජාතිකයන්ගෙන් සමන්විත සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආවේක්ෂණ විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මේ කණ්ඩායමට අයත් බවට සැකකරන යුක්‍රේන ජාතික සයිබර් අපරාධකරුවන් දෙදෙනෙකු මේ වනවිටත් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. 

මේ සයිබර් අපරාධකරුවන් මෙරටට පැමිණීමට පෙර මෙරට බැංකු පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ ඉතා සියුම්ව නිරීක්ෂණය කර ඇති බවට ද රහස් පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත. 

රහස් පොලිසිය මේ පිළිබඳව අධිකරණයට ද මේ වන විට කරුණු වාර්තා කර ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved