Connect with us

පුවත්

උමා ඔය ව්‍යාපෘතියේ සේවක පිරිසක් ගිය බස්එක ප්‍රපාතයකට ‌පෙර‌ළෙයි

Published

on

උමාඔය ව්‍යාපෘති කාර්යාලයේ සේවකයන් ප්‍රවාහනය කළ බස් රථයක් අද (18) උදෑසන ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල උමා ඔය ව්‍යාපෘති කාර්යාලට නුදුරු ස්ථානයකදී ප්‍රපාතකයකට පෙරළී සිදුවූ අනතුරෙන් බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහි ගමන්ගත් තවත් 6දෙනෙකු ද තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුළත් කර තිබේ.

අද උදෑසන 7.15ට පමණ බස් රථය ගමන් ආරම්භ කළ බවත් වේගයෙන් පැමිණි බස්රථයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් අනතුර සිදුවු බව එහි ගමන්ගත් මගියෙක් මාධ්‍යට පවසා ඇත.

අනතුර පිළිබඳව ඔහු වැඩිදුරටත් මෙසේද පවසා කියා සිටී.

“මාත් බස් එකේ ආවේ. මාමා බස් එක ගද්දි එකපාරටම බස් එකේ බ්‍රේක් නැතිවුණා. මාමා පුළුවන් තරම් බැලුවා ඉතින් අපිව බේරගන්න. අපි කට්ටියම කිව්වා ජියර් එක මාරු කරගන්න කියලා. ඒක කරගන්න බෑ ආපු වේගයට. මාමා එකපාරටම කන්ද පැත්තට අල්ලලා අනිත් පැත්තට ගද්දි අපි ඔක්කෝම එක්ක පෙරළුණා. බස් එකේ 10ක් විතර හිටියා. මටයි තව කෙනෙක්ටයි විතරයි ටිකක් පණ තිබුණේ. කට්ටියට එන්න කියලා වෙන වාහනයක දාලා හොස්පිටල් එකට ගෙනාවා අනිත් අයව. ඊට පස්සේ තමා දැනගත්තේ මාමා නැතිවුණා කියලා.”

ජායාරූපය – Accident 1st

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved