Connect with us

පුවත්

“උසස් පෙළ දරුවන්ට බාධා වෙන ක්‍රියාකාරකම් එපා”

Published

on

උසස් පෙළ විභාගය දරුවන්ගේ ජීවිතයේ තීරණාත්මක විභාගයක් වන බැවින් දෙසැම්බර් මස 20 වන දින දක්වා එම දරුවන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කරන ලෙසට ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

2024 උසස් පෙළ විභාගය අද (25) උදෑසන 8.30ට උසස් පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,312 දී ආරම්භ විය.

ඒ අනුව අද සිට දෙසැම්බර් 20 වන දින දක්වා දින 22ක කාලයක් විභාගය පැවැත්වීමට නියමිතය.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 333,185 දෙනෙකු පෙනී සිටියි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ  උසස් පෙළ පැවැත්වෙන දිනයන්වල දී සිසුන්ට බාධා ඇති වෙන ආකාරයේ කිසිදු ක්‍රියාකාරකමක් සිදුනොකරන ලෙසය.

මේ අතර, අද උදෑසන පැවති අයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ විභාග අපේක්ෂකයින් සිව්දෙනෙක්ට විභාග මධ්‍යස්ථාන වෙත යෑමට නොහැකි තත්ත්වයක් පැවති අතර  වහාම නාවික හමුදා හා යුද හමුදාව ක්‍රියාත්මක වී එම සිසුන්ව විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය බව ද අමිත් ජයසුන්දර මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කලේය.

ඒ අනුව, යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් 177 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කේෂණික දුරකථන අංකයට කතා කළ හැකි බවත්, ඒ වගේම විභාග දෙපාර්තමේන්තුවේ 1911 අමතා යම් ගැටලුවක් ඇත්නම් නිරාකරණය කර ගත හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි .

එමෙන්ම, විභාගය සම්බන්ධයෙන් යම් උපදෙසක් ලබාගැනීමට අවශ්‍ය නම් පාසල් විභාග සංවිධාන ශාඛාවට 0112 785 922 / 0112 784 537 යන අංක ඔස්සේ ඇමතිය හැකි බව ද අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

  “මේ දරුවන්ට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒක විසඳාගන්නට ඒ අයට උදව් කරන්නට කියලා මම ඉල්ලා සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා සෑම දරුවෙකුටම මේ විභාගය හොඳ වතාවරණයක් යටතේ විභාගය පැවැත්වීමට. අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට. ඒ සම්බන්ධයෙන් සියලුදෙනාගේ සහාය මට අවශ්‍ය කරනවා. ඔබේ සහාය අවස්ථානුකූලව ඒ දරුවන්ට ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ අයට බාධා සිදුවන ආකාරයේ කිසිදු දෙයක් කරන්න එපා විභාග පැවැත්වෙන අවස්ථාවලදී. ඒ සම්බන්ධයෙන් අපි පොලිස් දෙපාර්තමේන්තුවත් සමගත් සාකච්ඡා කරලා අවශ්‍ය වැඩපිළිවෙල සකස්කරලා තියෙන්නේ.”

පුවත්

Company 65ක් හැමදාම වරායෙන් බඩු පන්නවා.ආණ්ඩුවත් හොරුන්ව රකිනවා (වීඩියෝ)

Published

on

By

රේගුව හරහා පරීක්ෂා නොකර බහාලුම් පිට කිරීමට අදාළව නිකුත් වූ ජනාධිපති විමර්ශන කමිටු වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම සහ මෙම වංචාවට සම්බන්ධ සමාගම් හිමියන්ගේ නම් හෙළිදරව් නොකර සිටීමට රජය ගන්නා උත්සාහය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් විශේෂ අනාවරණයක් සිදුකරන ලදී.

ඊයේ (06) දින එම පක්ෂය විසින් සංවිධානය කර තිබූ විශේෂ මාධ්‍ය හමුවේදී අදාළ තොරතුරු පිළිබඳ අනාවරණය විය.

එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා, 

2025 07 06 දින පැවති මාධ්‍යය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා දැක්වූ අදහස් #flsplanka #PeoplesPower #viralvideoシ

Posted by Front Line Socialist Party on Sunday, July 6, 2025

Continue Reading

පුවත්

එස්.එම්. චන්ද්‍රසේ­නට පිටින් කෑම ගේන්න අවසර නැහැ

Published

on

By

රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාට පිට­තින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව විසින් ප්‍රති­ක්ෂේප කර තිබේ.

රක්ෂිත බන්ධ­නා­ගාරගත කළ රැඳ­වූ­ව­කුට පිට­තින් ආහාර ගෙන ඒමට ඉල්ලී­මක් කළ යුත්තේ එම රැඳ­වූ­වාගේ පවුලේ සාමා­ජි­ක­යකු වුවද මෙම ඉල්ලීම කර තිබුණේ එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාගේ හිටපු ලේක­ම්ව­ර­යකු විසිනි.

ඔහු පවුලේ සමී­ප­ත­ම­යකු නොවන නිසා එම ඉල්ලීම බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්­තුව විසින් ප්‍රති­ක්ෂේප කර තිබේ.

මේ අතර  බන්ධ­නා­ගාර වෛද්‍ය­වරු සිදු කළ පරි­ක්ෂා­වේදී ඔහු යහ­පත් සෞඛ්‍ය තත්ත්ව­යෙන් පසුවූ බවට ද අනා­ව­ර­ණය වී තිබේ.

මේ හේතුවෙන් ඊයේ (06) දිනයේ ද හිටපු අමාත්‍යවරයා  බන්ධ­නා­ගා­ර­යෙන් ලබා­දෙන ආහාර කෑමට ගෙන ඇතැයි බන්ධ­නා­ගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue Reading

පුවත්

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට

Published

on

By

ජයවර්ධනපුර රෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින, වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගියදා අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved