Connect with us

පුවත්

එජාපය පොහොට්ටුවට සෙට්වී පළාත් පාලන මැතිවරණයට !

Published

on

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක් සමග එකට එක්ව සන්ධාන ගතව තරඟ කිරීම සදහා සාකච්ඡා මේ වන විට පැවැත්වෙමින් තිබෙන ශ්‍රී ලංකා පොදු පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් . චන්ද්‍රසේන මහතා කියයි.

හොරිවිල ප්‍රදේශයේ දේශපාලන කටයුතුවල නිරතව සිටින අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

අමාත්‍යවරයා මෙසේ ද පවසා ඇත.

පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් කෝටි දාහක් මුදලක් අවශ්‍ය බව කියනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම අවස්ථාවක මැතිවරණයකට මුහුණදීම සඳහා සූදානමින් සිටිනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට හමුවේ පොහොර ගැටලුව ඇති කළ නිසා රටේ ප්‍රශ්න ඇති වූණා. එසේ නොවන්නට පක්ෂයක් හැටියට රටට කිසිදු අසාධාරණයක් සිදු කර නෑ.

පොහොට්ටු මන්ත්‍රීවරුන්ට ගම්ට යා නොහැකි බවට නැගෙන චෝදනාව තමන් තරයේ ප්‍රතික්ෂේප කරනවා. මේ වන විටත් තමන් ඇතුළු කණ්ඩායම් තම ප්‍රදේශයේ ගම්මානවල සැරිසරමින් දේශපාලන කටයුතුවල නිරත වෙනවා.

තවත්පක්ෂ ගණනාවක් එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තරග කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා සිදුවෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉදීරි දේශපාලන කටයුතු තවදුරටත් සන්ධානගතව සිදුකරනවා.

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved