Connect with us

පුවත්

එදා වැදුන නම් ‌ඉස්ලම්ට බෝලේ ; ‘අවුට් වුුුණා නම් හොඳයි’ කියයි රාලේ’ 

Published

on

2019 වසරේ ජුලි මාසයේ බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවති තරඟයක් අතරතුර ඇතිවූ සිදුවීමක් වෙත මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

එදින එම තරඟයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි Mehidy Hasan Miraz දැවීයාමෙන් පසුව බංග්ලාදේශ ක්‍රීඩක Taijul Islam පිටියට පැමිණි අවස්ථාවේ ඔහු ආරක්ෂක ආවරණයක් (ball guard) පැළඳ නොපැමිණීම හේතුවෙන් නැවත ක්‍රීඩාගාරය දෙසට හැරී යයි.

කෙසේවෙතත් එම අවස්ථාවේදී ඔහුගේ අමතක වීමට හෝ ප්‍රමාද වී නැවත සීමා ඉර වෙත පැමිණීමට විරුද්ධව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිසිදු තැකීමක් හෝ නොකළ අතර එහිදී ඔහු නොදැවී පන්දුවට පහරදෙමින් ලකුණු 39ක් රැස්කරගත්තේය.

එම තරඟයේ වීරයා මැතිව්ස් වූ අතර ඔහු ලකුණු 87ක් රැස්කරගත් අතර එම තරඟාවලියේ ජයග්‍රහණය ද ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.

එම සිදුවීම දැක්වෙන වීඩියෝව පහතින් දැක්වේ.

මේ අතර ඊයේ පැවති තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස් එම තරඟය අතරතුර තමන් මුහුණදුන් සිදුවීම පිළිබඳව මෙසේ පැවසුවේය.

“බොහෝම කනගාටුදායකයි ඒ අවස්ථාවේදී බංග්ලාදේශ කණ්ඩායම ක්‍රීඩා කරපු විලාශය. Mankading හරි Obstructing the field නම් කමක් නෑ. මම විනාඩි 2 ඇතුළත ක්‍රීස් එකට ඇවිල්ලා. ක්‍රීස් එකේදී තමයි මගේ හෙල්මට් එක ගැලවුණේ. ඒක හොඳටම විනිසුරුවරු දැක්කා. මට තව තත්පර 5ක් තිබ්බා හෙල්මට් එක කැඩුනාට පස්සෙත්. ඉතින් මම හෙල්මට් එක පෙන්නුවාට පස්සේ ටික වෙලාවකින් කියනවා ඒගොල්ලෝ ඇපිල් කරා කියලා. ඉතින් මම ඇහුවා මගේ විනාඩි දෙක පැනලත් නෑ. මොකද මේ ඔක්කොම වීඩියෝ සාක්ෂි එක්ක තියෙනවා. ඊටපස්සේ විනිසුරු දැන් පුහුණුකරුවන්ට කියලා තියෙනවා එයාලට ආයෙත් පරීක්ෂා කරන්න තිබුණා කියලා. දෙයක් වුණාට පස්සේ වැඩක් නෑ. ඒ වෙලාවේ පරීක්ෂා කරන්න තමයි ඕන. මොකද තාක්ෂණය තියෙනවා විනිසුරුවරුන්ට බලන්න පුළුවන් ඒ වෙලාව. මට ඒක කියන්න වචනයක් නෑ. අවුරුදු 15කට මම දැකලා නෑ මෙච්චර පහත් තත්ත්වයකට වැටෙනවා කණ්ඩායමක් සහ ක්‍රීඩකයෙක්.”

පුවත්

අද කාලගුණය

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවය.

මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා ඉහළ යා හැකියි.

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 45 පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

හලාවත සිට කොළඹ  සහ ගාල්ල  හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading

පුවත්

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 82 හැවිරිදි වියේ පසුවිය.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡාකරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව – මහාචාර්ය අනිල්

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

අද (30) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම සාකච්ඡාවන්වල වාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට පසුගිය අප්‍රේල් 02 වනදා සිට තීරණය කළේය.

එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකා ඇතුළු රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම සජීවීව ප්‍රකාශයට පත්කළේය.

එහිදි ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වනු ලැබීය.

අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාවය පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීමේ අරමුණ බව අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අප්‍රේල් 03 වනදා කමිටුවක් පත්කළේය.

එම කමිටුව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන මහත්වරුද මෙම පත් කරනු ලැබීය.

පසුව ට්‍රම්ප් විසින් මෙරටට පැනවූ නව බදු සම්බන්ධව එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා රජය විසින් නිවේදනයක් නිකුත් කළේය. 

ඉන් අනතුරුව එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, ශ්‍රී ලංකා දූත පිරිසක් පසුගිය මාසයේ වොෂින්ටන් හි දී තීරුබදු ආශ්‍රිත කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්විය.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවමින් මැයි 28 වනදා නියෝගයක් නිකුත්කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved