Connect with us

පුවත්

එල්ලන්න පෙර පුනරුත්ථාපනය කිරීමේ විජේදාසගේ අමුතු තීන්දුව!

Published

on

මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමට රජය තීරණය කර තිබේ. 

ඒ අනුව මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා බන්ධනාගාර තුළම ස්ථාන 6ක් ස්ථාපිත කර ඇතැයි අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේය. 

‘1934 වසරින් පසුව පළමු වරට මානුෂීය අන්දමින් මෙරට බන්ධනාගාර රෙගුලාසි සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. බන්ධනාගාරවල මේ වන විට 26000ක් පමණ සංඛ්‍යාවක් රඳවා සිටිනවා. ඉන් වැරදිකරුවන් වූ පුද්ගලයන් 8000ක් පමණ බන්ධනාගාරවල එලෙස ඉන්නවා.’ යැයි අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් පැවැසීය.

කෙසේවුවද, අදාළ පුවත වාර්තාවීමත් සමඟ මරණ දඬුවම නියමවූවන්ට නඩත්තු කිරීමට තවත් මුදල් වැයකිරීමට බන්ධනාගාර දෙපාර්තමේතුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මේවන විට සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක්ව තිබේ.

මූලාශ්‍රය – අරුණ

පුවත්

O/L ප්‍රතිඵල නිකුත් වෙයි

Published

on

By

විභාග දෙපාර්තමේන්තුව විසින් 2024 – 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (11) අලුයම නිකුත් කර තිබේ.

ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිස අයදුම්කරුවන්ගේ නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබී ඇත.

එසේම www.results.exams.gov.lk යන වෙබ් අඩවියට පිවිස ද ප්‍රතිඵල ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.

සියලුම විදුහල්පතිවරුන්ට විභාග ප්‍රතිඵල ලේඛන යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව කියා සිටී.

ඉකුත් සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කරුවන් 474,147 ක් ඉදිරිපත්ව සිටියේය.

ඒ අතරින් 398,182ක් පාසල් අයදුම්කරුවෝ වෙති.

විභාගයට පෞද්ගලිකව පෙනී සිටි සංඛ්‍යාව 75,965කි.

දිවයින පුරා මධ්‍යස්ථාන 3,664කදී විභාගය පැවැත්විණි.

Continue Reading

පුවත්

ජනපති හා ගේට්ස් පදනමේ නියෝජිතයින් හමු වෙයි

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන අංශයේ ප්‍රධානී ආචාර්ය ක්‍රිස් එලායස් (Dr. Chris Elias) මහතා ප්‍රමුඛ එම පදනමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර හමුවක් අද (10) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අදාළ වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, කෘෂිකාර්මික නවීකරණය, අහාර හා පෝෂණය, ඩිජිටල් යටිතල පහසුකම් සහ ග්‍රාමීය ප්‍රජාව නව තාක්ෂණය සමඟ ඒකාබද්ධ කිරීම ආදී කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරිණි.

ගේට්ස් පදනම, මෙරට ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන ප්‍රමුඛ වැඩසටහනක් වන අන්තඃකරණ ඩිජිටල් කෘෂිකාර්මික පරිවර්තන (Inclusive Digital Agriculture Transformation) වැඩසටහන පිළිබඳව මෙහිදී ආචාර්ය එලායස් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුවත් කරන ලද අතර, කෘෂිකර්ම අංශයේ දත්ත මත පදනම් වූ තීරණ ගැනීමට සහාය වන අතරම, සුළු පරිමාණ ගොවීන්ට සේවා සැපයීම සඳහාද එය වැදගත් වන බව පෙන්වා දුන්නේය.

මෙම වැඩසටහනෙන් කෘෂිකාර්මික නවීකරණය සහ ග්‍රාමිය ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මෙන්ම තිරසර සංවර්ධනය කෙරෙහි දෙපාර්ශ්වයේම කැපවීම පිළිබිඹු කරන බව එහිදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

අඩු සහ මධ්‍යම ආදායම් සහිත රටවල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අභියෝගවලට මුහුණ දීමෙන් ගේට්ස්  පදනම ලබා ඇති විශේෂඥතාව සහ අත්දැකීම් මෙහිදී  ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

නවීන ගෝලීය තාක්ෂණය සමඟ මෙරට ග්‍රාමීය ප්‍රජාව ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රයත්නයට සහාය වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ‍ ගේට්ස්  පදනමෙන් ඉල්ලා සිටි අතර, ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව ස්තූතිය පළ කළේය.

ඩිජිටල් ආර්ථිකයක් සඳහා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලැස්මට සහාය දක්වන බව මෙහිදී සඳහන් කළ ගේට්ස් පදනමේ නියෝජිත පිරිස, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්වයට ගෙන ඒම සහ වර්ධනය  සඳහා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයක් කෙරෙහි  වැඩි අවධානයක් යොමු කළ යුතු බවද පැවසූහ.

එසේම, සත්ව පාලනය සහ කිරි නිෂ්පාදන වැනි ක්ෂේත්‍ර ඇතුළත් පුළුල් සමාජ- ආර්ථික සංවර්ධන න්‍යාය පත්‍රයකට සිය පූර්ණ සහාය ලබා දෙන බවටද ඔවුහු සහතික වූහ.

මෙරට පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් රජය සිදු කරන අඛණ්ඩ කැපවීම පිළිබඳව රජයට සහ ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළ ආචාර්ය ක්‍රිස් එලායස් මහතා, ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින නව පරිවර්තනය අගය කරමින්,  ශ්‍රී ලංකාව සමඟ පුළුල් සබඳතාවක් ඇති කර ගැනීමට ලැබුණු අවස්ථාව පිළිබඳව සතුට පළ කළේය.

සියලුදෙනා ඇතුළත් කර ගනිමින් රජය ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා දායක වීමට ලැබීම පිළිබඳවද සතුට පළ කළ ඒ මහතා, කෘෂිකර්මය, ආහාර හා පෝෂණය  සහ ඩිජිටල් යටිතල පහසුකම් ආදී ක්ෂේත්‍රවල උන්නතිය සහ තිරසාර විසදුම් වෙනුවෙන් පොදු කතිකාවක් ගොඩනැඟීම සඳහා  දෙපාර්ශ්වයේම කැපවීම මෙම සහයෝගිතාව තුළින් පිළිඹිඹු කෙරෙන බවද පැවසීය.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද, ගේට්ස් පදනමේ දකුණු හා අග්නිදිග ආසියානු කලාපීය නියෝජිත ආචාර්ය ජමාල් ඛාන්, වැඩසටහන් උපදේශන, සන්නිවේදන, වර්ධන, සහ අවස්ථා අධ්‍යක්ෂ අර්ච්නා ව්‍යාස්, ව්‍යවසාය දත්ත විසඳුම් අධ්‍යක්ෂ තුෂාන් විජේසිංහ සහ Connect To Care සංවිධානයේ සභාපති චන්දිත සමරනායක යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

අමෙරිකානු තීරුබදු ගැන වාණිජ මණ්ඩලයෙනුත් නිවේදනයක්

Published

on

By

ඇමෙරිකාව විසින් අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 44% සිට 30% දක්වා අඩු කිරීම පිළිබඳව ප්‍රසාදය පළ කරන ලංකා වාණිජ මණ්ඩලය, අමෙරිකානු බලධාරීන් සමග සාකච්ඡා අඛණ්ඩව සිදුකරන ලෙසද රජයෙන් ඉල්ලා ඇත.

නිවේදනයක් නිකුත් කරමින් වාණිජ මණ්ඩලය පවසා ඇත්තේ, තීරුබදු අනුපාතය අඩු කිරීම, අමෙරිකාවට අපනයනය කිරීම සඳහා කලාපීය තරගකරුවන්ගේ තීරුබදු ව්‍යුහයට සමීප කිරීම සඳහා රජය විසින් ගනු ලබන ඵලදායී හා වැදගත් පළමු පියවරක් ලෙස සලකන බවයි.

විශේෂයෙන් කලාපයේ අනෙකුත් රටවල් ඊටත් වඩා අඩු අනුපාතවලින් ප්‍රතිලාභ ලබනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, අගෝස්තු 01දා වනවිට තවදුරටත් අඩු කිරීමක් ලබා ගැනීම සඳහා අමෙරිකානු පරිපාලනය සමග අඛණ්ඩව සාකච්ඡා පවත්වන ලෙසද රජයෙන් ඉල්ලා ඇත.

එමෙන්ම ඵලදායී සංවාදය, කර්මාන්ත ප්‍රතිපෝෂණය සහ සම්බන්ධීකරණ උපදේශනය තුළින් රජයේ උත්සාහයන්ට සහායදීමට සූදානම් බවද ලංකා වාණිජ මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved