Connect with us

පුවත්

එල්.බී. ෆයිනෑන්ස් ලොක්කෝ අඹු සැමි යුවලක් සිරකරගෙන; අධිකරණය පොලිසියෙන් තොරතුරු ඉල්ලයි

Published

on

එල්.බී. ෆයිනෑන්ස් සමාගමේ ශාඛාවක් තුළ පැයකට ආසන්න කාලයක් අඹුසැමි යුවළක් සිරකර, සාපරාධී බිය ගැන්වීමක් කළැයි එම ආයතනයේ පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් පවත්වන බව කුරුඳුවත්ත පොලිසිය, කොළම ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වෙත ඊයේ (04) දන්වා සිටියේය. 

අදාළ ආයතනයේ ආරක්ෂිත සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කරමින් සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බවද කුරුඳුවත්ත පොලිසියේ නිලධාරින් අධිකරණයට දැන්වීය.

උත්සව කටයුතු සඳහා වාහන දීමේ ව්‍යාපාරයක නිරත ගනේමුල්ල, බොල්ලත, ගල්පොත්ත පාර පදිංචි අශාන් ද සිල්වා මහතා විසින් කරන ලද පැමිණිල්ලක් මත, විමර්ශන කටයුතු ආරම්භ කළ බව කුරුඳුවත්ත පොලිසියේ සැරයන් සමන් රාජපක්ෂ මහතා අධිකරණය වෙත දන්වා සිටියේය.

තමා අදාළ ලීසිං සමාගමේ ගනේමුල්ල පිහිටි ශාඛාවෙන් රුපියල් ලක්ෂ 20 ක ලීසිං පහසුකමක් වසර 05 ක් දක්වා ගෙවීමට ගත් බවත්, ඊට අදාළ මුදල් සහ පොලිය 2024 අප්‍රේල් 08 වැනිදා වන විට ගෙවා අවසන් කළ බවත් පැමිණිලිකරු කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

පැමිණිලිකරුගේ කාර් රථයට අදාළ ලීසිං පහසුකම ගෙන අවසන් හෙයින්, ඊට අදාළ ලිපි ලේඛන දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී ලීසිං සමාගමේ ගනේමුල්ල ශාඛාවේ නිලධාරින් දන්වා ඇත්තේ එම ලේඛන කුරුඳුවත්තේ පිහිටි ශාඛාවෙන් ගන්නා ලෙස බව දන්වා සිටි කුරුඳුවත්ත පොලිසියේ නිලධාරින් ඒ පිළිබඳ විමසීමට පැමිණිලිකරු සිය බිරිඳ සමග එල්.බී. ෆයිනෑන්ස් සමාගමේ කුරුඳුවත්තේ පිහිටි ණය පියවීමේ ශාඛාව (සෙට්ල්මන්ට්) ආයතනයට ගොස් ඇතැයි දන්වා සිටියේය.

එම අවස්ථාවේදී ලීසිං සමාගමේ කුරුඳුවත්ත ශාඛාවේ ප්‍රධාන කළමනාකරු බව කියන ගිහාන් නමැති අය පිමිණිලිකරුගේ බිරිඳට “තමුසෙලාගේ යතුරක් මම ගත්තෙ නැහැ. ඒක ගත්ත කෙනාගෙන් ඉල්ලගන්නවා.” යනුවෙන් බැණ තර්ජනය කළ බවත්, එහි සිටි පිරිසක් ආයතනයේ ඉබි යතුරු දමා වසා දමමින් පැමිණිලිකරුට සහ ඔහුගේ බිරිඳට පිටතට යෑමට නොදී සිරකර තබා ඇති බවත්,  පසුව 119 දුරකථන අංකයට ලද ඇමතුමක් පරිදි පොලිසිය පැමිණ දෙපාර්ශ්වයම කුරුඳුවත්ත පොලිසිය වෙත රැගෙන ගොස් ඇති බවත් සැරයන් සමන් රාජපක්ෂ මහතා අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කුරුඳුවත්ත පොලිසියට නියම කළේය.

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved