Connect with us

පුවත්

ඔන්ලයින් පනත ගැන කථානායකගෙන් ඉල්ලීමක් 

Published

on

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළ සංශෝධන සහ මාර්ගෝපදේශ” මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පතට ඇතුළත්ව ඇත්දැයි තහවුරු කරගන්නා තෙක් ඊට අත්සන් නොතබන ලෙස සිවිල් සංවිධාන හා මාධ්‍ය සංවිධාන රැසක එකතුවක් කථානායක – මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා තිබේ.

කථානායකවරයාට ලිපියක් යොමු කරමින් ඔවුන් පවසා ඇත්තේ ‘අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මුළුමනින්ම අනතුරට ලක්කෙරෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පත සහමුලින්ම ප්‍රතික්ෂේප කළ යුතු බව’ සිය මතය වන බවයි.

එම ලිපියේ මෙලෙසද දැක්වේ : 

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන එය අනුමත කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ ඇතැම් සංශෝධන පවා එයට නිසි ලෙස අන්තර්ගත කිරීමකින් තොරව බව විපක්ෂයේ මංත්‍රීවරු මේ වනවිට පැහැදිලිව පෙන්වා දී තිබේ. පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වූ වාර්තාගත පෙත්සම්  52 ක් විභාගයට ගැනීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝග සහ සංශෝධන (නිකුත්) යෝජනා කරන ලදී.

පනත සම්මත කරගැනීමේ දී එවැන්නක් සිදු වී ඇත්නම්, එය පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සහ ජනතාවගේ පරමාධිපත්‍යයට පහර ගැසීමක්  වන අතර අධිකරණයටද  අපහාස කිරීමක් බව අපගේ  විශ්වාසයයි. එමෙන්ම එමගින් පනතේ සුජාතභාවයද අභියෝගයට ලක්වන බව අපි විශ්වාස කරමු.

ඔබතුමන් වෙත යොමු කරන මෙම ලිපිය මගින් අප යළි යළිත් තහවුරු කරනුයේ  පාර්ලිමේන්තුව මගින් මෙය පනතක් ලෙස සම්මත කරනු ලැබූවද ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මුලිනුපුටා දැමෙන,දරදඩු රෙගුලාසීන්ට එරෙහි අපගේ සටන මෙයින් නතර නොකරන බවය. මෙම ලිපියේ අරමුණ වන්නේ අපගේ විරෝධය නොතකා ක්‍රියාත්මක කිරීමට යන රෙගුලාසි මගින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට පමණක් නොව රටේ ආර්ථිකයට ද සිදුවිය හැකි හානිය හැකිතාක් දුරකට හෝ අවම කර  ගැනීම සඳහා වන අපගේ ප්‍රයත්නය ඉදිරියට ගෙන යෑමය.

 ආණ්ඩුව මෙලෙස කඩිමුඩියේ ‘ඔන්ලයින්’ පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමට උත්සාහ ගනු ලබන්නේ ඉදිරි මැතිවරණයට පෙර ආණ්ඩුවට එරෙහිව එල්ලවන විරෝධතා මැඩ පවත්වාගැනීමේ පටු අරමුණු  සහිතව බවද පැහැදිලිව පෙනෙන්නට තිබේ. 

එබැවින්, පාර්ලිමේන්තුවේ කාර්යභාරය නිසි ලෙස ඉටුවීම  සම්බන්ධයෙන්  භාරකාරීත්වය දරන  ප්‍රධානියා වන ඔබ, පනත් කෙටුම්පතට අදාළ සංශෝධන නිසි ලෙස ඇතුළත් වී ඇත්දැයි පරීක්ෂා කර බලා ඒ සම්බන්ධයෙන් සහතිකවීම, ගරු කතානායකවරයා වශයෙන් ඔබතුමන් සතු වගකීමක් බව අපි විශ්වාස කරමු.

එබැවින්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔබ තුමන් වෙත එවන ලද නියෝග හා මාර්ගෝපදේශ සංශෝධන නිසි ලෙස පනත් කෙටුම්පතට ඇතුළත්ව ඇත්දැයි සහතික කර ගන්නා තෙක් ඊට ඔබතුමන්ගේ අනුමැතිය ලබා නොදෙන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන පුරවැසියන් සහ පුරවැසි ක්‍රියාකාරිකයින් වශයෙන් මෙයින් ඉල්ලා සිටිමු.

පුවත්

ලුණු හිඟය බේකරි නිෂ්පාදනවලටත් බලපායි

Published

on

By

ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව බේකරි හිමියන් පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව පිළිබඳ අමාත්‍යවරයාවද දැනුවත් කර ඇති බවය.

“මේ වනවිට ලුණු පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවෙලා ඇතිවෙලා තියෙනවා. අමාත්‍යවරයාත් අපි දැනුවත් කරලා තියෙනවා. අමාත්‍යවරයා කිව්වා අපට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා කියලා. ඒ බලාපොරොත්තු ඇතුව තමයි මේ ඉන්නේ මොකද බේකරිවලට ඕනේ ලුණු කැට නෙමයි ගොඩක් පාචිච්කරන්නේ ලුණු කුඩු. ලුණු කුඩුවල හිඟියක් තමයි තියෙන්නේ. පංගුවක් බේකරි නිෂ්පාදන සඳහා ලුණු කුඩු අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට මේ ප්‍රශ්නය විසඳෙයි කියලා.” 

Continue Reading

පුවත්

මර්වින්, ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Continue Reading

පුවත්

විජයග්‍රහණයේ 16වන ජාතික සැමරුම – සජීවී විකාශය

Published

on

By

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.

උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතව තිබේ.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

වීඩියෝ – ජාතික රූපවාහිනිය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved