Connect with us

පුවත්

ඔන්ලයින් පනත සම්මත වෙයි

Published

on

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත ( ඔන්ලයින් පනත) වැඩි ඡන්ද 46 කින් පාර්ලිමේන්තුවේදී අද (24) සංශෝධන සහිතව සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 108ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 46ක් පමණි. 

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමග ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු වෙති.

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. 

අලි සබ්‍රි රහීම්,වඩිවෙල් සුරේෂ්, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න යන මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ සමාජ මාධ්‍ය නියාමනය කිරීම  සඳහා මෙම පනතෙන් විධිවිධාන සැලසේ.

 පනත් කෙටුම්පත අද(24) සහ ඊයේ (23) දින දෙකක් විවාදයට ගැනිණ.

පුවත්

ආගමික ස්ථානවලට ලබා දී ඇති ආරක්ෂාව ඉවත් කර නැහැ – ආරක්ෂක අමාත්‍යංශය

Published

on

By

ආගමික ස්ථානවලට ලබා දී තිබෙන ත්‍රිවිධ හමුදා ආරක්ෂාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පළවන පුවත් ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. 

අද (03) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ, මාධ්‍ය හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් එම්. බී. බී. නලින් හේරත් මහතා මේ බව පැවසීය.

ප්‍රධාන පෙළේ පුවත්පතක සහ සමාජ මාධ්‍යවල මෙම අසත්‍ය පුවත පළකර ඇති බවත්, එම තොරතුරු සියල්ල X පණිවුඩයක් මගින් මේ වනවිටත් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

Continue Reading

ක්‍රීඩා

හොංකොං සික්සස් ශූරතාව ලංකාවට

Published

on

By

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය.

අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 3.5කදී සියලුදෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 72ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය කඩුලු 3ක් දැවී තිබියදී තරගයේ 5වැනි පන්දුවාරයේදී පසුකර යාමට සමත්විය.

මේ තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර 2007 වසරේදී මීට පෙර ශූරතාව දිනා ගැනීමට සමත්විය.

Continue Reading

පුවත්

තමුසේ මතක තියාගන්නවා, සීලරතන හිමි රන්ජන්ගෙන් ගේම ඉල්ලයි (වීඩියෝ)

Published

on

By

රන්ජන් රාමනායක අරගොල්ලෝ දාල තියෙන්නේ, සම්බුද්ධ ශාසනේ විනාශ කරන්නත්, සංස්කෘතිය විනාශකරන්නත් යැයි ජනසෙත පෙරමුණේ නායක පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතත හිමියෝ පැවසූහ.

කොළඹදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

තමුසේ, වෙසඟනක් සේ සලකලා යශෝධරා දේවියට දොස් කියුවේ ඇයි දැයිද උන්වහන්සේ රන්ජන්ගෙන් ප්‍රශ්න සිටියහ.

උන්වහන්සේ සිද කළ සම්පූර්ණ කතාව පහතින්. 

වීඩියෝ අනුග්‍රහය – VoiceTUBE

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved