Connect with us

පුවත්

ඔන්ලයින් හොරු 3ක් අල්ලයි; එම ගනුදෙනුවල හැටි CIDය කියයි

Published

on

මුහුණුපොතේ සහ වෙබ් අඩවිවල පළ කර ඇති වෙළෙඳ දැන්වීම් ඔස්සේ එම දැන්වීම් පළ කර ඇති පුද්ගලයන් රැවටීමකට ලක් කර බැංකු ගිණුම්වලින් මුදල් සොරා ගන්නා සංවිධානාත්මක ජාවාරමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ.

එසේම, එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පෙරේදා (16) මහනුවරදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මහනුවර, තලාතුඔය සහ මැදවච්චියේ පදිංචිකරුවන්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ ඔවුන් වෘත්තියෙන්ම වංචාකරුවන් බවයි.

මෙසේ අත්අඩංගුවට ගත් අය අවුරුදු 25ත් 30ත් අතර පසු වන්නන් බව ද පැවසේ.

“මේ අය කරන්නේ ෆේස් බුක්වල හරි වෙබ් අඩවිවල හරි පළ කරල තියෙන දැන්වීම් බලල ඒ දැන්වීම්වල සඳහන් දුරකතන අංකවලට ඇමතුම් දෙනවා. ඒ සඳහා භාවිත කරන්නේ එයාලගේ නමින් තියෙන සිම්පත් නෙමෙයි. වෙන අයගේ ඒවායින්. මෙයාල මුලින්ම කරන්නේ ඒ දැන්වීමේ තියෙන භාණ්ඩ වර්ගය කාටවත් විකුණන්න එපා, මම ගන්නවා කියල පිංසේණ්ඩු වෙන එකයි. සල්ලි ටිකක් මට මදි. ගනුදෙනුව ස්ථීර වෙන්න මම කීයක් හරි දාන්නම් මට සතියක් දෙන්න. යනුවෙන්ද එහිදී ඔවුන් පවසනවා. දැන්වීම්කරුට අනුකම්පාවක් ඇති වෙන විදිහටත් විශ්වාසයක් ගොඩ නැඟෙන ආකාරයටත් තමයි මේ අය කථා කරන්නේ. අන්තිමට දැන්වීම්කරු මේ අයට භාණ්ඩය අලෙවි කිරීමට කැමැත්ත පළ කළායින් පස්සේ බැංකු ගිණුම් අංකයක් ඉල්ලගෙන ඔන් ලයින් ට්‍රාන්සර් එකක් කරනවා පොඩි ගාණක්. ඒක දාල ඉවරවෙලා මේ අය නැවත දැන්වීම්කරුට කථා කරල කියනවා මම සල්ලි ටිකක් දැම්මා හම්බ වුණාද කියල බලන්න කියල. ඒකට පිළිතුරු ලැබෙන විට ඒත් එක්කම මේ අය කියනවා තරහා නැතිව පුළුවන් නම් කෝඩ් අංකයක් ඇවිල්ල ඇති ඒක පොඩ්ඩක් කියන්න කියල. මේ අංකය මොකක්ද කියල අවබෝධයක් නැති අය ඒක දෙනවා. දුන්නම වෙන්නේ මේ අය ඒ අංකය ඔස්සේ ඔවුන් මුදල් තැන්පත් කළ දැන්වීම්කරුගේ ගිණුමට අන්තර්ජාලය ඔස්සේ ඇතුළු වෙලා මුදල් වෙන බැංකු ගිණුමකට බැර කර ගන්න එකයි.“ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් මේ වංචාව වන ආකාරය දිනමිණ පුවත්පතට පැහැදිළිකර තිබේ.

එම නිලධාරියා පවසන්නේ කිසිවිටකත් තමාට බැංකුවෙන් ලැබෙන එම මුරපද අංකය හෙවත් OTP අංකය පිටස්තර කිසිවකුත් අතට පත් නොකරන ලෙසය.

මෙවැනි වංචාවලින් සිය ගාණක් රැවටී ඇති බවත් ඇතැම් පිරිස් මේ නිසා අසරණ වී ඇති බවත් එම නිලධාරියා කීය.

මහනුවරින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාම මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නන් බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

මේ එක් පුද්ගලයෙක් කරනුයේ සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවිවල ඇති දැන්වීම් පරීක්ෂා කර බලමින් දැන්වීම්කරුවන්ට ඇමතුම් දීමය.

අනිත් පුද්ගලයා කරනුයේ දැන්වීම්කරුගේ ගිණුම්වලට OTP අංකය ඔස්සේ රිංගා මුදල් සොරාගෙන වෙනත් ගිණුමකට මාරු කිරීමය.

තුන්වැන්නා කර ඇත්තේ වෙනත් ගිණුමකට බැර කරන මුදල් එම ගිණුමෙන් ඒ.ටී.එම්. කාඩ්පතක් මඟින් ගැනීම බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මැදවච්චියේ පුද්ගලයා මැදව්චියේ බැංකුවලින් පවා ඒ.ටී.එම්. යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීම් කර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මේ තිදෙනා විසින් මෙසේ බැංකු ගිණුම් 80ක පමණ මුදල් සොරාගෙන ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇතැයිද අපරාධ පරිකෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙසේ ඔවුන් ගිණුම් 80කට රිංගා රුපියල් ලක්ෂ 60කට අධික මුදලක් සොරාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට මෙවැනි වංචා සම්බන්ධයෙන් පැමිණිලි 20ක් ලැබී තිබෙන බව ද පැවසේ.

මේ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගනිමින් මේ වංචාව ගැන තොරතුරු හෙළිවී ඇත්තේ මාරවිල පදිංචි පුද්ගලයෙක් විසින් දැන්වීම් පළ කරන වෙබ් අඩවියක් ඔස්සේ ඔහුට අයත් ජෙනරේටරයක් අලෙවි කිරීමට පළ කළ දැන්වීමකින් මේ වංචාවට හසුවීමක් ගැන කළ පැමිණිල්ලකට අනුවය.

එම ජෙනරේටර් දැන්වීම පළ කළ පුද්ගලයාගේ බැංකු ගිණුමෙන් ඔවුන් ලබාගෙන ඇති මුදල ලක්ෂ 18කි.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved