Connect with us

පුවත්

ඕමානයේදී ලංකාවේ තරුණියන් පෝලිම් කර වෙන්දේසියේ දාලා

Published

on

ඕමානයේ රැකියා ලබාදෙන බවට පොරොන්දු දී රැගෙන ගිය තරුණියන් හා කාන්තාවන් රැකියා නියෝජිතයන්ගේ කාර්යාලවලදී එරට හාම්පුතුන්ට රිසි සේ තෝරාගැනීමට පෝලිම් ගස්සවා ප්‍රදර්ශනය කර විකුණා ඇතැයි මේවන විට අනාවරණය වී තිබේ.

පෙනුම ඇති කාන්තාවන් ලිංගික වහල් සේවය සඳහා රුපියල් මිලියන වැනි මිල ගණන් වලට අලෙවි වී ඇති බව හෙළිව ඇත.

වයස හා පෙනුම අනුව මිල තීරණය වන බවද හෙළිවී ඇතැයි පැවසේ.

මෙහිදී රුපියල් මිලියනයේ වටිනාකමක් ගෙවා මිලදී ගත්තද එම කාන්තාවන්ට ඒජන්සිකරුවන් ගෙවා ඇත්තේ සොච්චමක් බවද විමර්ශන කණ්ඩායම් අනාවරණය කරගෙන ඇත. මේ බව හෙළිවී ඇත්තේ ජනපති රනිල් වික්‍රමසිංහගේ නියමයෙන් ඕමානයට යැවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හා රාජ්‍ය ඔත්තු සේවාවේ නිලධාරීන් කළ විමර්ශනයකදීය.

ඩුබායි රාජ්‍යයට සංචාරකයන් මෙන් රැගෙන ගොස් අල්බුරේහි දේශසීමාව ඔස්සේ බස් මගින් ඕමානයට රැගෙන යාම එක් ජාවාරමකි. ඉන්දියාවට සංචාරක වීසා මත රැගෙන ගොස් ඕමානයට රැගෙන යාමද ජාවාරම්කරුවන්ගේ තවත් සැලැස්මකි.

ජාවාරම්කරුවන් විසින් රැකියා නියෝජිත කාර්යාලයට රැගෙන යන අතරේත් බහුතරයක් දූෂණයට ලක්වූ බවද අනාවරණය වී තිබේ.

මෙම ඒජන්තවරුන් ළඟට ගිය පසුව ගුවන් ගමන් බලපත්‍රය හා ජංගම දුරකථනය ඔවුන් භාරයට ගෙන කාන්තාවන්ගේ විස්තර සහිත වීඩියෝ පට රැගෙන හාම්පුතුන්ට යවා ඔවුන් ප්‍රදර්ශනයට ගෙන්නා ගන්නා බව හෙළිවී ඇත.

ප්‍රදර්ශනයේදී තෝරාගෙන හාම්පුතා වෙත රැගෙන යන අතරේ ටැක්සි රියැදුරන් පවා කාන්තාවන් දූෂණය කරන බවද හෙළිවී තිබේ.

හාම්පුතුන් විසින් මිලදී ගන්නා කාන්තාව තමන්ගේ වත්කමක් සේ සලකා අසීමිත වැඩ කන්දරාවක් දීමට අමතරව ඔවුන්ගේ ඥාති නිවාසවලද සේවයේ යොදවා ලිංගික අතවරයන්ටද ලක්කර ඇත.

හාම්පුතුන්ගේ අතවරයට හා හිංසනයට ලක්ව එම නිවෙස්වලින් පැන යන කාන්තාවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගෘහ සේවය යටතේ ලියාපදිංචි නොවූවන් නිසා ඔවුන්ට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයටද යෑමට නොහැකි බව හෙළිවී ඇත.

මෙම කාන්තාවන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගියද හාම්පුතුන් විසින් ඔවුන්ට මුදල් ගෙවා වසර ගණනකට මිලදී ගෙන ඇති නිසා එරට නීතිය අනුව තානාපති කාර්යාලයටද මැදිහත්වීමට නොහැකි බවද අනාවරණය වී තිබේ.

තානාපති කාර්යාලයෙන් සහනයක් ගෙන ලංකාවට පැමිණීමට නොහැකි අයව ඒජන්තවරුන් විසින් එරට ගණිනා ජාවාරමට යොදවාගෙන බංගලිදේශ ඇතුළු විදේශිකයන්ට විකුණා ලිංගික වහල් වෙළෙඳාමට යොදා ගන්නා බවද හෙළිවී ඇත.

ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආසන්නයේ පවත්වාගෙන යන සුරක්ෂා ආරක්ෂක නිවස්නයේ සිටින කාන්තාවන් 45 දෙනා අතර මෙවැනි ජාවාරම්වලට කොටුවූ කාන්තාවක්ද සිටින බව හෙළිදී තිබේ.

පුවත්

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 82 හැවිරිදි වියේ පසුවිය.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡාකරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව – මහාචාර්ය අනිල්

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

අද (30) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම සාකච්ඡාවන්වල වාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට පසුගිය අප්‍රේල් 02 වනදා සිට තීරණය කළේය.

එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකා ඇතුළු රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම සජීවීව ප්‍රකාශයට පත්කළේය.

එහිදි ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වනු ලැබීය.

අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාවය පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීමේ අරමුණ බව අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අප්‍රේල් 03 වනදා කමිටුවක් පත්කළේය.

එම කමිටුව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන මහත්වරුද මෙම පත් කරනු ලැබීය.

පසුව ට්‍රම්ප් විසින් මෙරටට පැනවූ නව බදු සම්බන්ධව එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා රජය විසින් නිවේදනයක් නිකුත් කළේය. 

ඉන් අනතුරුව එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, ශ්‍රී ලංකා දූත පිරිසක් පසුගිය මාසයේ වොෂින්ටන් හි දී තීරුබදු ආශ්‍රිත කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්විය.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවමින් මැයි 28 වනදා නියෝගයක් නිකුත්කළේය.

Continue Reading

පුවත්

මහාචාර්ය මාලනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ඉතිහාස විෂය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

80 දශකයේ ආරම්භයේ සරසවි දිවියට පිවිසි මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය දශක හතරකට වැඩි කාලයක් ආචාර්ය, මහාචාර්ය තනතුරුවල නිරතවූවාය.

පසුව විශ්ව විද්‍යාලයේ සනාතන සභාව විසින් ප්‍රදානය කරන ලද සේවා සම්මානිත මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබූ මාලනී ඇඳගම වර්තමානයේ අපේ රටේ ඉතිහාසය අඛණ්ඩව ලියනු ලබන මහාවංශ සම්පාදක මණ්ඩයලයේ ලේකම් තනතුර දරනු ලැබුවාය.

ඉතිහාස විශය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මෙම මහාචාර්යවරිය   ”ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය ” , ”ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ” ආදී ග්‍රන්ථ රැසක් රටට දායාද කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved