Connect with us

පුවත්

ඖෂධ වර්ග 110 ක් කෙලින්ම රටින් ගේන්න සාකච්ඡා; ලියාපදිංචි සැපයුම්කරුවන් විසිවෙයි

Published

on

ඖෂධ වර්ග 110 ක් පමණ විදෙස් රටවල් හතක ආණ්ඩු සමග සාකච්ජා කර ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ සඳහා වූ විශේෂ සාකච්ජාවක් විදේශ කටයුතු අමාත්‍යංශය හා සෞඛ්‍ය අමාත්‍යංශය මැදිහත්වීමෙන් තානාපති කාර්යාල සමග පවත්වා ඇති බවද පැවසේ.

ඉන්දියාව, පාකිස්ථානය, චීනය, බංග්ලාදේශය වැනි රටවල මෙරට පිහිටි තානාපති කාර්යාල නිලධාරින් සමග මෙම සාකච්ජාව පවත්වා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 

කෙසේවුවද, මෙලෙස ලබාගන්නා ඇතැම් ඖෂධවලට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් සිටින බවද පැවසේ.

එම සමාගම්  පසුගිය කාලයේ එම ඖෂධ ටෙන්ඩරවලට ඉදිරිපත් නොවන බවට සෞඛ්‍ය අමාත්‍යංශය හඳුනා ගැනීමෙන් පසුව මේ තීන්දුව ගෙන ඇති බවද වාර්තා වේ.

එහෙත් සැපයුම්කරුවන් පෙන්වා දෙන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ටෙන්ඩර මණ්ඩලවල ඇති අකාර්යක්ෂමභාවය නිසා එවැනි තත්ත්වයක් මතුවූ බවයි.

මේ වන විට ටෙන්ඩර දහසකට ආසන්න සංඛ්‍යාවක් සිරවී ඇති බවද සැපයුම්කරුවෝ පෙන්වා දෙති. 

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (24) පස්වරුවේ පැවැති ඖෂධ සමාලෝචන රැස්විමේදී ද ඖෂධ හිඟය ගැන සාකච්ජා කර ඇත.

ඖෂධ වර්ග 200 කට ආසන්න සංඛ්‍යාවක් හිඟව ඇති බව මෙහිදී අනාවරණය වී තිබේ.

තවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ වර්ග අසූපහකට ටෙන්ඩර් ගිවිසුම් අත්සන් නොකර ඇති බවත් තවත් ඖෂධ වර්ග 42 කට ප්‍රසම්පාදන කටයුතු අවසන් කර ණයවර ලිපි නිකුත් නොකර ඇති බවද අනාවරණය වෙයි. 

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් අදහස් පළ කළත් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

මේ අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දුන්නේ රෝහල්වල අක්ෂි කාච, හෘද කැතීටර් සහ ස්ටෙන්ස් හිඟයක් පවතින බවයි.

හෘද ඇන්ජියොග්‍රෑම් පරික්ෂණ සඳහා අවශ්‍ය කැතිටර් සහ ස්ටෙන්ස් හිඟ වීමෙන් රෝගීන්ට වැඩි මිලට බාහිරෙන් මිලට ගැනීමට සිදුව ඇති බව එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පවසයි.

මූලාශ්‍රය – අරුණ

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved