Connect with us

පුවත්

කංචන, CID පරීක්ෂණයක් ඉල්ලයි

Published

on

පසුගිය 28 වැනිදා කොළොන්නාව ඛනිජ තෙල් නිමාව තොග ගබඩා පර්යන්තයේ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලට බාධා කළ පුද්ගලයින්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විමර්ශනය කරන මෙන් විදුලි හා බලශක්ති අමාත්‍ය, කංචන විජේසේකර අමාත්‍යවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පොලිස්පතිවරයා වෙත යොමුකළ එම ලිපියේ දැක්වෙන්නේ කොළොන්නාව නිමාව අසළ උපවාසයේ නිරත පිරිසක් බලහත්කාරයෙන් ඉන්ධන බෙදාහැරීම සිදුකරන ආරක්ෂිත කලාපයට ඇතුලු වී එහි සේවකයින් බියවද්දා පළවා හැර ඇති බවත්, අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම්කර ඇති ඉන්ධන බෙදාහැරීම අකර්මණ්‍ය කිරීමට කටයුතු කළ ඔවුන් ඉන්ධන බෙදා හරින නල පද්ධතියට හා ස්වයංක්‍රීය දත්ත පද්ධතියට ද හානිකිරීමේ උත්සාහ ගෙන තිබූ බවත්ය.

එම කඩා වැදුණු පිරිසට වෘත්තීය සමිති නියෝජිතයින්, පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා ලබා දී නිවාඩු ලබා ගෙන සිටින සේවකයින් හා දැනට සේවයේ නොමැති විශ්‍රාමිකයින්ද ඇතුළත් බව සඳහන් වේ.

අදාළ කඩාකප්පල් ක්‍රියාව හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමට බාධා මතුවූ අතර ඉන්ධන පෝලිම් ද ඇති වූ බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

මේ හේතුවෙන් සිදු වූ පාඩුව අදාළ පුද්ගලයින්ගෙන් අයකර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

ශ්‍රී ලාංකික මුදලාලිලාගෙන් චීන තානාපති මජින්තට ලෙඩක්

Published

on

By

චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතාගෙන් තමන්ට සහයෝගය නොලැබුණු බවට ශ්‍රී ලාංකික ආයෝජකයින් පිරිසක් වාණිජ, පාරිභෝගික සේවා ඇමැති වසන්ත සමරසිංහ මහතාට ගතු කීමේ සිද්ධියක් වාර්තා වේ.

අමාත්‍යවරයාට අදාළ කාරණා පවසා ඇත්තේ නිරිතදිග චීනයේ යුනාන් පළාතේ කුන්මින් නගරයේ දී පසුගියදා පැවැති 9 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහභාගි වූ අවස්ථාවේදීය.

ඇමැතිවරයා සෑම ව්‍යාපාරික කුටියකටම ගොස් අපනයනකරුවන් හමුවුවත්, චීනයේ බීජිං නුවර සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා වෙළෙඳ කුටියකට පමණක් ගොස් හැරී ගිය බව ඔවුන් පවසා තිබේ.

ව්‍යාපාරිකයන්ගේ අදාල දෝශාරෝපනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා ‘‘මම ලංකාවට ගිහිල්ලා විදේශ කටයුතු ඇමැතිවරයා දැනුවත් කරන්නම්’’ යනුවෙන් අපනයනකරුවන්ට පොරොන්දුක් ද එහිදී ලබාදී ඇත.

කෙසේවුවද, චීනයේ බින්න බැස්ස ව්‍යාපාරිකයන් පිරිසක් එහි අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීමට උත්සාහ කරන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට සෑහෙන බාධා පමුණුවන බවට ද බීජිං චීන තානාපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ තත්ත්වය නිසා වසර ගණනක සිට ශ්‍රී ලාංකිකයන්ට චීනයේ ව්‍යාපාරික අවස්ථා බොහොමයක් වැසී ගොස් ඇති බවද එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පියුමිගේ පුතාට ඇප; පහර කෑ අය තවමත් රෝහලේ

Published

on

By

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.

ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය මගින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමග සිදු කළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.

කෙසේවෙතත් පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved