Connect with us

පුවත්

කංජිපානි ලංකාවට ගේන්න හිටපු පොලිස් පරීක්ෂක සූදානම්

Published

on

තමන්ට බලය පැවරෙන්නේ නම් කංජිපානි ඉම්රාන් ලංකාවට රැගෙන ඒමේ හැකියාව තමන්ට ඇති බව මේ වන විට ප්‍රංශයේ රැඳි සිටින හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා පවසයි.

කලක් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ දුමින්ද ජයතිලක මහතා මේ වන විට මරණ තර්ජන ඇති බව පවසමින් විදේශගතව සිටින අතර ඔහු ප්‍රංශයේ ජීවත් වෙයි.

ඔහු පවසන්නේ තමන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ උපන්දින සාදයට එක්වූ බවට සමාජ මාධය ඔස්සේ අසත්‍ය ප්‍රචාර යවා ඇති බවත් තමන්ට පාතාල සාමාජිකයන් සමග සම්බන්ධතාවක් නොමැති බවත් එසේ සම්බන්ධතාවක් පවත්වාගැනීමට අවශ්‍යතාවක්ද නොමැති බවය.

එමෙන්ම තමන් අදටත් ජාත්‍යන්තර පොලිසියේ සාමාජිකයෙක් බවත් ලංකාවේ පාතාල මර්දනය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් සුවිසේශි රැකියාක් කළ අයෙකු බවත් කංජපානි ඉම්රාන් ප්‍රංශයේ ජීවත් වන්නේ නම් ඔහුව ලංකාවට රැගෙන ඒමට තමන්ට හැකි බවයි ඔහු පවසයි.

ඊට අවශ්‍ය බලය තමාට පැවරෙන්නේ නම් තමන් එය සිදුකරන බවත් ඔහු පවසයි.

තවද කංජිපානි ලංකාවට රැගෙන ආ පමණින් පාතාලය හෝ කුඩු ජාවාරම නතර නොවන නමුත් ලංකාවට අවශ්‍ය නම් තමාගේ කොටස ඉටු කිරීමට තමන් පැකිලෙන්නේ නැති බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබේ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved