Connect with us

පුවත්

කංසා වවන්න අවසර ලැබෙන හැටි ඇමති කියයි

Published

on

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පත ඔස්සේ ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව රට තුළ කංසා වගාකිරීමේ බලය ලබාදීමට කටයුතු කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.

මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා නව පනත් කෙටුම්පතට අදාළ කරුණු ඊයේ (06) පැහැදිලි කළේය.

එහිදී අදහස් දැක්වූ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කර සිටියේ නීතිමය ප්‍රතිපාදන නොමැතිව කංසා වැවීමට නොහැකි අතර එවැනි ප්‍රකාශ වගකීමෙන් තොරව සිදුකළ නොහැකි බවයි.

“නීතිමය ප්‍රතිපාදන නැතුව වවන්න ගියොත් හිරේ යන්න වෙන්නේ. එවැනි ප්‍රකාශ වගකීමෙන් තොරව සිදුකළ නොහැකියි. කාලරාමුව තීරණය වෙන්නේ පනත සම්මත වෙන දවස අනුවයි. ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව කංසා වගාකිරීමේ බලය ලැබෙනවා. ආයුර්වේද කොමසාරිස් ඒ සඳහා රෙගුලාසි පනවන්න ඕන,” යැයි ඔහු පැවසීය.

පුවත්

බණ්ඩාරවෙල  සතොස ගිනිගනී

Published

on

By

බණ්ඩාරවෙල නගරයේ පිහිටි සතොස ආයතනයේ අද (20)  අලුයම ගින්නක් ඇතිවී තිබේ.

ගින්නෙන් එම ආයතනයට දැඩි ලෙස අලාභහානි වී ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

මෙම සතොස ආයතනය වසා තිබියදී මෙසේ එහි ගබඩාවේ අලුයම ගින්න හටගෙන ඇති බවත් ,එම අවස්ථාවේ එම වෙළෙඳ සංකීර්ණය අසල රාත්‍රි  මුර  රාජකාරියේ නිරතව සිටි  සේවකයන් විසින් මෙම ගින්න දැක බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය ට දැනුම් දී තිබේ.

අනතුරුව බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය සහ බණ්ඩාරවෙල පොලිසිය එක්වී එම ගින්න අවට ප්‍රදේශයට පැතිර යාමට ඉඩ නොදී ගිනිනිවිම් රථ ජල බවුසර් යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වූ බවද
පොලිසිය සදහන් කළේය.

ගින්නෙන් සතොස ආයතනයේ ගබඩාව තුළ තිබූ හාල් , සීනි ඇතුලු  ආහාර ද්‍රව්‍ය  සමග   දේපළ රැසක් විනාශ වී ඇති බවත් ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැත.

Continue Reading

පුවත්

පොලිස් විශේෂ ආරක්ෂක දිසාවට අලුත් ප්‍රධානියෙක්

Published

on

By

පොලිස් විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතා අද (20) සිට පත් කර තිබේ.

ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි.

එම තනතුර සඳහා ස්ථීර වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කරන තෙක් නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත එම තනතුරේ රාජකාරී සඳහා පත්කළ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඔහු රාජකාරීන් සිදුකළ මඩකලපුව දිසාව සඳහා පුරප්පාඩු වන තනතුරේ රාජකාරී නැවත දැනුම්දෙන තුරු ආවරණය කිරීම සඳහා අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන එච්. සමුද්‍රජීව මහතා පත් කර ඇත.

Continue Reading

පුවත්

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට

Published

on

By

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි විදේශිකයෙකුට අද (20) දින හදිසියේම ඇති වූ අසනීප තත්ත්වයක් නිසා මියගොස් ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික පුද්ගලයෙකි.

මෙම විදෙස් සංචාරකයා ශ්‍රීපාදය වන්දනා කිරීමට යනවිට නල්ලතන්නිය මාර්ගයේ, ඉදිකටුපාන ප්‍රදේශයේදී හදිසියේම රෝගාතුර වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෘත ශරීරය මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නල්ලතන්නිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved