Connect with us

පුවත්

කටුනායක ගුවන්තොටේදී අක්‍රමිකතා කළොත් දඩය ලක්ෂයයි

Published

on

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයින්ට පනවන දඩය වැඩි කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ මේ දක්වා පැවති 25,000 දඩය රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති බවයි. 

ගුවන් තොටුපළ තුළ රැඳී සිටින ටැක්සි රියැදුරන්, තැරැව්කරුවන් සහ වෙනත් නිලධාරීන් විවිධ අක්‍රමිකතාවල යෙදෙන බව පැමිණිලි ලැබී ඇතැයි අමාත්‍යවරයා පවසයි.

බොහෝ ගුවන්තොටුපළවල දක්නට ලැබෙන ආචාරශීලි ස්වභාවයේ අඩුපාඩුවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දක්නට ලැබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, අවශ්‍ය නම් හමුදාව හෝ විශේෂ කාර්ය බලකාය කැඳවා තර්ජන ගර්ජන සිදුකරන අය ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවයි. 

පුවත්

දේශබන්දුව ගෙදර යවන්න සජබ සහය

Published

on

By

මේ වන විට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එම විශ්වාස භංග යෝජනාවට පක්ෂව සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය ලබා දෙන බව අද (25) පැවති වැඩමුළුවකදී ප්‍රේමදාස මහතා පැවසීය.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත්කරනු ලැබුවේආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවත් පසුගිය රජය සමයේ සමගි ජන බලවේගය දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

මෙම පත්කිරීමට හිටපු ජනාධිපතිවරයා සේම කතානායකවරයා ද වගකිව යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය.

Continue Reading

පුවත්

රාජ්‍ය සේවක වැටුප් සංශෝධන චක්‍රලේඛය නිකුත් වෙයි

Published

on

By

2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් චක්‍රලේකය නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය අද (25) දිනයේ නිකුත් කර ඇත.

එම චක්‍රලේඛය පහතින්,

Continue Reading

පුවත්

හිටපු රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන් රිමාන්ඩ්

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය එස් වියාලෙන්ද්‍රන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට එම කොමිසම විසින් පියවර ගෙන ඇත.

එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එළැඹෙන 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved